අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් රැක ගැනීමට සජිත් කළේ කුමක් ද..?

රනිල් රැක ගැනීමට සජිත් කළේ කුමක් ද..?

"79 සංවත්සරයේ දී එජාප නායකත්වයට සජිත් නම් කරන්න තිබුණා" -විද්වතුන්- "සන්ධානයේ පොදු එකඟතාවයක් නැහැ" -එජාප ප්‍රබලයෙක්- සජිත්ට එජාප නායකත්වය දෙනවාට විරුද්ධ ප්‍රබලයන් පහක් සජිත්-රනිල් එකතු නොවුණොත්…

"79 සංවත්සරයේ දී එජාප නායකත්වයට සජිත් නම් කරන්න තිබුණා" -විද්වතුන්-

"සන්ධානයේ පොදු එකඟතාවයක් නැහැ" -එජාප ප්‍රබලයෙක්-

සජිත්ට එජාප නායකත්වය දෙනවාට විරුද්ධ ප්‍රබලයන් පහක් 

සජිත්-රනිල් එකතු නොවුණොත් විපක්ෂයට අබ සරණයි 

විපක්ෂය බෙදී සිටීම ආණ්ඩුවට රජ මඟුල් 

රනිල් රැක ගැනීමට සජිත් කළේ කුමක් ද..?

(සුජිත් මංගල ද සිල්වා)   

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ අනුප්‍රාප්තික නායකයා ලෙස නම් කළ යුතුව තිබූ බව සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් සේම විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු අවධාරණය කර සිටිති.

විපක්ෂයේ ප්‍රබලම දේශපාලා නායකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රට ගොඩ ගත් දේශපාලන නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එකට එක් වී "අලියා" ලකුණ යටතේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට දේශපලන ජීවන හුස්ම ලබා නොදී ජාධිපතිවරයා ප්‍රධාන ජාතික ජන බලවේගයට දේශපාලන-ආර්ථික වශයෙන් කිසිදු බලපෑමක් එල්ල කළ නොහැකි බව ඔවුහූ පෙන්වා දෙති.

දැන්වීම

කිනම් දේශපාලන නායකයෙකු කුමක් කියා සිටියද, එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරයට විපක්ෂයේ දේශපාලන නායකයින් රැසක් පැමිණ සිටිය ද මේ දක්වා ඒ කිසිදු පාර්ශ්වයකට පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් "lankanewsweek" සමග පැවසීය.

"මේ සියලු දෙනා සිටින්නේ, සිය පෞද්ගලික බල ව්‍යපෘති සහ න්‍යාය පත්‍ර මතයි. ඒ අයට අවශ්‍ය විපක්ෂයේ සියලු දෙනා එකට එක් වී සිටින බවට ආණ්ඩුවට අඟවා තමා ආරක්ෂා කර ගැනීමටයි. ඇත්තටම මේ තත්ත්වය හැඳින් විය හැක්කේ වක්‍රාකාරයෙන් ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කිරීමක් ලෙසයි. මේ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ රටට සහ ජනතාවටයි." ඔහු අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දී ආණ්ඩු පුළුල් දේශපාන සන්ධානයක් ගොඩනැගීමේ ජාතික දේශපාලන ක්‍රියාවලියේ කකුලෙන් අදින එක්සත් ජාතික පක්ෂයේ පතාකයින් පස් දෙනෙකු සිටින බව "llakanewsweek" සාක්කි-සාධක අනුව තහවුරු කර ගෙන සිටින අතර ඔවුන් පිළිබඳව අපි ඉදිරියේ දී හෙළි කරන්නෙමු.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් පුවත් සැල වූ වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය විදේශ සංචාරය අවලංගු කර යළි මව්බිමට පැමිණියේය. ඔහුගේ සුව දුක් සොයා බැලීම සඳහා අවස්ථා ගණනාවක් රෝහලට ගියේය. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් නීති ආධාර ලබා දුන්නේය. මේ සිද්ධිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා ආණ්ඩුවට සහ දේශපාලන දඩයමට එරෙහිව ඍජු ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය දී සජිත් ප්‍රේමදාස මහතා ඒ අභියෝගය භාර ගෙන භිය නොවී ඊට එරෙහිව අඛණ්ඩව ප්‍රකාශ නිකුත් කළේය.

විපක්ෂ නායක සජිත් මහතා සිය හිටපු නායකයා වෙනුවෙන් මෙසේ ක්‍රියා කරද්දී, යහ පාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඇති වූ ගැටුමේ දී ඔහු ක්‍රියා කළ ආකාරය ගැන ජනමාධ්‍ය ඔස්සේ විවිධ ඍණාත්මක තොරතුරු රැසක් වාර්තා වී තිබූ නිසා "lankanewsweek" ඒ පිළිබඳව සොයා බැලීමට ක්‍රියා කළේය.

එහිදී "lankanewsweek" වෙත අනාවරණය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් පහ කර මහින්ද රාජපක්ෂ මහතා ඊට පත් කළ දිනට පසු දින උදෑසන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතා කළ බවය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට කියා තිබෙන්නේ එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී වන අතර මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන් අගමැති ධූරයේ සිටිය යුතු නිසා ඔහු ඊට පත් කරන ලෙසය. මේ ගැන තව දුරටත් කරුණු සොයා බැලීම සඳහා "lankanewsweek" සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ඒ තොරතුර තහවුරු කළ අතර ඔහු කියා සිටියේ ඒ අවස්ථාවේ දී ඔහු ද ඒ අසල සිටී බවය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඔබ අගමැතිකම භාර ගන්නේ නම් තමා මේ මොහොතේම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් පහ කර සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට තමා සූදානම් බව යැයි ජනාධිපතිවරයා කියා සිටියේ යැයි තහවුරු කළ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න