අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් රැක ගන්න වජිරගෙන් රහස් මෙහෙයුමක්..!

රනිල් රැක ගන්න වජිරගෙන් රහස් මෙහෙයුමක්..!

මාස 3 න් “අලියා” කෙලින් කරන්න සැලසුමකුත් හදලා රනිල් ආණ්ඩුව හැදුවේ ඡන්දයෙන් නොව ඔළුවෙන්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සියලු…

මාස 3 න් “අලියා” කෙලින් කරන්න සැලසුමකුත් හදලා

රනිල් ආණ්ඩුව හැදුවේ ඡන්දයෙන් නොව ඔළුවෙන්..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනීම සඳහා ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා විශේෂ රහස්  මෙහෙයුමක්  දියත් කර තිබේ.

සියලු දෙනාට සාධාරණය ඉටු කරමින් තෙමසක් ඇතුළත දී එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් ද වජිර අබේවර්ධන මහතා සකස් කර ඇති අතර ඔහු එම සැලැස්ම හෙට අනිද්දාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතය.

දැන්වීම

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සංවිධානය වී සිටින පිරිසෙන් කොටසක්, වජිර අබේවර්ධන මහතාගේ මේ  මැදිහත් වීමත් සමග පසු බැස ගොස් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් “LANKANEWSWEEK” වජිර අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දේශපාලනය ගැන සහ රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් තිබෙන කිසිවකු මේ මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භූමිකාව ගැන ප්‍රශ්න නොකරන අතර ඔහු පළවා හැරීමට උත්සහ නොකරන බවය.

දේශපාලන උපාය උපක්‍රම පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි 08 වැනිදා සහ අගෝස්තු 17 වැනිදා  ඔළුවෙන් ගොඩනැගු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලනය කරමින් පාක්ෂිකයින්ට සලකා ආණ්ඩුවත් පක්ෂයත් රැක ගැනීමට අපොහොසත් වූයේ නායකයා නොව මැති ඇමතිවරුන් යැයි පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා 2015 අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී වගේම බොහෝ දිස්ත්‍රක් පරාජයට පත්වූ  බව ද පෙන්වා දුන්නේය.

එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අත තැබීමට කිසිවකුටත් නොහැකි යැයි ද කවුරුන් හෝ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් පහ කිරීමට සිතනවා නම් අත පුච්චා නොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේක බුද්ධියෙන් කියවා තේරුම් ගත්තා නම් හොඳයි ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් රැක ගන්න වජිරගෙන් රහස් මෙහෙයුමක්..! | Lanka Newsweek