රනිල් යළි ජනපති කිරීමේ යෝජනාව දිස්ත්‍රික් මට්ටමෙන් සම්මත කෙරේ

මේ වන විට දිස්ත්‍රික් හතරක දී ඒකමතිකව සම්මතයි ඉදිරි ජනපතිවරණයේ නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ…
මේ වන විට දිස්ත්‍රික් හතරක දී ඒකමතිකව සම්මතයි
ඉදිරි ජනපතිවරණයේ නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනවල දී සම්මත කර ගනිමින් සිටියි.
ඒ අනුව ගාල්ල, කලුතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂ සම්මේලනවල දී මෙම යෝජනාව මේ වන විට ඒකමතිකව යෝජනා සම්මත කර ගෙන තිබේ.
මෙම සම්මේලනවලට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ පාක්ෂිකයින් දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කරමින් අවධාරණය කර සිටියේ රට ගොඩගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති ධූරයට යළි පත් කර ගත යුතු බවය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම යෝජනාව ඒ ඒ දිස්ත්‍රික් සම්මේලනවලට ඉදිරිපත් කළ අතර එම යෝජනාව මුලින්ම ඉදිරිපත් කර සම්මත කර ගැනුණේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී ය.