රනිල් බහුතරය පෙන්වයි-මහින්ද ඉල්ලා අස්වෙයි-මෛත්‍රීට දෝෂාභියෝගයක්..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේදී හෙට (14) සිය බහුතර බලය පෙන්වීමට සුදානමින් සිටියි. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති…
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේදී හෙට (14) සිය බහුතර බලය පෙන්වීමට සුදානමින් සිටියි.
පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය ඊට ලබා දුන් අතුරු තහනම් නියෝගය ද,“පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වනතුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.” යනුවෙන් ද, “රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කරමි” යනුවෙන් ද සඳහන් කරමින් කතානයාවරයා නිකුත් කර ඇති අති විශේෂ නිවේදන දෙකට අනුවද ක්‍රියා කරමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටද නැතිනම් මහින්ද රාජපක්ෂ මහතාටද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි ඉහලම පෙලේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තුව හෙට (14) උදේ 10.00 රැස්වන අතර ඊට පෙර කතානායක කරු ජයසුරිය මහතා විසින් උදෑසන 8.30ට දේශපාලන පක්ෂ නායකයින්ගේ පක්ෂ රැස්වීමක් කැඳවා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ස්ථිර විසදුමකට පැමිණි ම සඳහාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" සමග හෙළිකර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා මේ දේශපාලන ව්‍යකුලත්වයට හසුවී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවය.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් ගණනාවක් "lankanewsweek "සමග පැවසුවේ උද්ගත් වී තිබෙන තත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම කෙරෙහි සාකච්ඡා ආරම්භ වී තිබෙන බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1