අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් පිට යයි..?

රනිල් පිට යයි..?

රනිල්ගේ අපේක්ෂකයා සජිත් නොවෙයි..! විස්සයි විස්ස අපේක්ෂකයාත් එළියෙන්..? එජාපයේ සැඟ වුණු අපේක්ෂකයා හොයමුද..? කරූ-එස්.එෆ් සුං..! “මට නැති නම් කිසිවෙකුටත් නැහැ” (උපුල් බණ්ඩාර) ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස…

රනිල්ගේ අපේක්ෂකයා සජිත් නොවෙයි..!

විස්සයි විස්ස අපේක්ෂකයාත් එළියෙන්..?

එජාපයේ සැඟ වුණු අපේක්ෂකයා හොයමුද..?

කරූ-එස්.එෆ් සුං..!

“මට නැති නම් කිසිවෙකුටත් නැහැ”

රනිල් පිට යයි..?

(උපුල් බණ්ඩාර)

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තමා ඉදිරිපත් නොවුණොත් ඒ සඳහා කිසිම හේතුවක් මත පක්ෂ අභ්‍යන්තරයෙන් වෙනත් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතුය දැඩි ස්ථාවරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා සිටින මේ ස්ථාවරය සිය පෞද්ගලික,දේශපාලනික සහ ව්‍යාපාරික සමීපතමයින් කණ්ඩායම වෙත (Inner Circle) පැහැදිළි කරමින් කියා තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කෙසේ හෝ තමා ඉදිරිපත්වීම කෙරහි අවධානය යොමු කර තිබෙන බවය.

මේ අතර සිය “අභ්‍යන්තර කවය”(Inner Circle) නියෝජනය කරන රටේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ද,විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව අරලිය ගහ මන්දිරයේ මේ වන විටත් කාර්යාලයක් පවත්වා ගෙන යන සිය පාසල් මිතුරන් පිරිසක් සමග ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබෙන්නේ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවුණොත් එක්සත් ජාතික පෙරමුණේ සිටින  සිංහල බෞද්ධ දේශපාලන නායකයකු තමා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පණිවිඩය ලබා දුන් ඒ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ නම,ව්‍යාපාරය සහ අගමැතිවරයාගේ ඔළුවේ සිටින අදාළ දේශපාලන නායකයා පිළිබඳව “lankanewsweek” කරුණු හෙළිදරව් නොකරන්නේ එම නායකයා සමග මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයක් මතය.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන්නේ නම් ඒ අවස්ථාව කතානායක කරු ජයසූරිය මහතාට  හෝ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට  හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි වනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තරයේ මතය විය.

මේ අතර 2020 එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ කාලයක් මුළුලේ දැඩි මතයක් පවතින අතර ඔහු කියා සිටින්නේ පාක්ෂිකයින්ගේ මතයට අනුව පක්ෂය තමාට පවරන ඕනෑම වගකීමක් සහ කාර්යභාරයක් ඉටු කිරීමට තමා ඇපකැප වන බවය.

මේ අනුව පැහැදිළි වන්නේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ ජනාධිපති අපේක්ෂකම භාර ගැනීමට සූදානම් නොමැති බවට පැතිර යන ආරංචිවල පදනමක් නොමැති බවය.

මේ අතර සිංහල බෞද්ධ,උගත් බුද්ධිමත්,සිවිල් සහ සාමාන්‍ය ජනතාව වගේම එක්සත් ජාතික පාක්ෂිකයින් ද අතරින් තවත් සැලකිය යුතු පිරිසක් කියා සිටින්නේ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවය.

රනිල් පිට යයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල් පිට යයි..? | Lanka Newsweek