අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් පැරදුණත් අගමැතිකම එජාපයටම බව ජනපති තහවුරු කරයි

රනිල් පැරදුණත් අගමැතිකම එජාපයටම බව ජනපති තහවුරු කරයි

(සුජිත් මංගල ද සිල්වා) විශ්වාස භංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වුණත් නව අගමැතිවරයා පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ නියෝජ්‍ය…

රනිල් පැරදුණත් අගමැතිකම එජාපයටම බව ජනපති තහවුරු කරයි  

(සුජිත් මංගල ද සිල්වා)

විශ්වාස භංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වුණත් නව අගමැතිවරයා පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම  පක්ෂයේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග තහවුරු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සහතික කර තිබෙන්නේ ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා,අජිත් පී පෙරේරා සහ අශෝක අබේසිංහ යන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

මේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ජනාධිපතිවරයා මේ සහතිකය ලබා දී තිබෙන්නේ විශ්වාස භංගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වුණොත් නව අගමැතිවරයා පත් කරන්නේ කිනම් දේශපාලන පක්ෂයකින් ද යනුවෙන් එම සිව් දෙනා ජනාධිපතිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත සහ විශ්වාසය මත එම පක්ෂයෙන් නව අගමැතිවරයා පත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් කියා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් පැරදුණත් අගමැතිකම එජාපයටම බව ජනපති තහවුරු කරයි | Lanka Newsweek