අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු

රනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු

කතානායක විවාදෙට දින තුනක් ලබා දීමේ නරි ගැටේ COPE කමිටුවෙන් මන්ත්‍රීන් ඉවත්වීම ගැන රනිල්ගේ ස්ථාවරය රටට නිදහස ලැබීම ගැන රනිල් එළි කළ අමුතු කතාව ඇමති බන්දුල වහාම මව්බිමට පැටවූ මෙහෙයුම සනුහරේ එවුන් ජනපති…

කතානායක විවාදෙට දින තුනක් ලබා දීමේ නරි ගැටේ

COPE කමිටුවෙන් මන්ත්‍රීන් ඉවත්වීම ගැන රනිල්ගේ ස්ථාවරය

රටට නිදහස ලැබීම ගැන රනිල් එළි කළ අමුතු කතාව

ඇමති බන්දුල වහාම මව්බිමට පැටවූ මෙහෙයුම

සනුහරේ එවුන් ජනපති ලේකම් සමන් බලන්න කදමළු රැගෙන එයි 

නිමල් සිරිපාලට, ආශු අභියෝග කරයි 

යක්කු ගස් නගින වෙලාවට හැදූ අවුරුදු නැකත පත්තුවීම

ජනපති e කොළම

රනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

ලංකාවේ නැකත අප්සට් බව බොහෝ අය කියති.නිදහස ලැබෙන විට ආසියාවේ දෙවන හොදම රට අද බංකොලොත්වී නන්නපෝල් ය. දේශප්‍රේමීන් සුද්දා එළවා ජාතීන් අසමගි නොකළා නම් ලංකාවේ පාස්පෝට් එකට අදත් රටවල් 186 කට යා හැකි බව හා රට සංවර්ධනය වීම අනිවාර්ය බව සිතන අයද බොහෝය. මෙදා අවුරුදු නැකැත යක්කු ගස් නගින නොව ගසින් බහින වෙලාවට හදා ඇති බව කියවෙනුයේ ඒ තුළය.

"අවුරුදු කාලා වෙසකුත් සමරලා දේශපාලන වැඩ අල්ලමු" රනිල් දේශපාලන කැබිනට්ටුවට කී විට අවුරුදු නැකැත  ගැන ද පත්තු විය. "රෑ 12 න් පස්සෙ කිරි බත් කන්න සෙට් කළා කියල මිනිස්සු බනිනවා" ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීය. "නැකැත් හැදුවෙ සර් හා කැබිනට් එකද" මහින්දානන්ද ඇසුවේය. "අපට නිදහස ලැබුණෙ 1947 දීයි. ඒත්  ඩී ඇස් මැතිතුමා හොදම නැකත බලලයි 48 දි නිදහස ගත්තේ" රනිල් කීවේය.

දැන්වීම

දේශපාලන කැබිනට්ටුවට සෙසු පක්ෂ ගැනීමට ද තීන්දු කෙරිණ. සෑම බදාදාම අගමැතිගෙ ප්‍රධානත්වයෙන් එය රැස්වී කැබිනට්ටුව රැස්වීමට පෙර තමා සමඟ සාකච්ඡා කිරීම ගැන ජනපති තීන්දු කළේය. මැතිවරණ මෙහෙයුම ගැන කතා යන අතරේ කතානායකට එරෙහි විශ්වාසභංගය ගැන ද ආණ්ඩුවේ 10 කට ආසන්නව පිටරට බව ද එළිවිණ. සියලු දෙනා වහාම කැදවන ලෙස ජනපති, විදේශ ලේකම් අරුණි විජයවර්ධනට කීවේය.

දුරම රට ඇමෙරිකාව බලා යන  ඇමති බන්දුල එවිට සිටියේ ගුවනේය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් වොෂින්ටනය ඇමතුවද එවිට එහි වෙලාව රෑ 03 නිසා ප්‍රතිචාර නොලැබිණ. එහෙත් උදේ වොෂින්ටනයෙන් දිනිත් ඇමතීය. "ඇමති බන්දුල බැස්ස ගමන් ජනාධිපතිතුමාට කෝල් කරන්න  කියන්න" දිනිත් කීවේය.

ඒ අතරේ තානාපතින්ට විදේශ ලේකම් ද පණිවිඩ එවා තිබිණ. ජනපති ද ඇමෙරිකානු තානාපති මහින්දට "බන්දුල හරවල එවන්න" යයි කීවේය. ජනපතිගේ දැනුම්දීම මත ඇමෙරිකාවට පය ගසා පැය කිහිපයකින් ඇමති බන්ධුල යළි ලංකාවට බලා පිටත් විය.

"විපක්ෂය විවාදෙ දින 03 ක් ඉල්ලන එක දෙන්න. එතකොට බන්දුලට බඩ ගා ගෙන ආවත් US ඉඳල එන්න පුළුවන්" කපටි නරියා සුපුරුදුගේම ගැසුවේය. "මීට පස්සෙ අවසර නැතිව රට යන්න බෑ" රනිල් කීවේ මළ පැනලාය.කෙසේ වෙතත් පිටරට ගිය හා හිරේ ගිය අය ද ගෙන්වා වැඩි ඡන්ද 42 කින් විශ්වාසභංගය ගොඩ දැමීමට රනිල් ගේම ගැහුවේය.

මැතිවරණ ගැන රටට එළිනොවූ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් ගැන සාගල කීය. "මම කැබිනට් එකට පැහැදිලි කරන්නම්"රනිල් කීය. "ආණ්ඩුවේ රැස්වීමෙදිත් කියන්න" මහින්දානන්දගේ ඉල්ලීමට එකඟත්වය පළ විය. "සර්...බැසිල් අපි කැඳවලා. එතනදි අපි අපේ ස්ථාවරය කියනවා" බොහෝ දෙනෙකු ජනපතිට කීවේ ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසුය. කපටි නරියා ඔලොක්කු හිනාවක් දැම්මද කිසිත් කීවේ නැත.

IMF කතාබහ සාර්ථකව නිමවිය. ඔවුහු ආණ්ඩුව හා විපක්ෂය වෙන් වෙන්ව හමු වූහ. කාර්ය මණ්ඩල සාකච්ඡා නිමවූ බවත් නිර්දේශ වොෂින්ටනයට යවන බවත් ඉන් අනුමැතිය හිමිවූ විට ඩොලර් මිලියන 337ක තෙවන වාරිකය මුදා හරින බවත් IMF කීය.ලංකාවේ කෘතිම බුද්ධිය වර්ධනය කිරීමට ඇමෙරිකාවේ මයික්‍රොසොෆ්ට් සමග ද ජනපති වැදගත් සාකච්ඡාවක් නිම කළේය.

ලක්ෂ 20 ක ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසවලට පදනම දැමූ තම සනුහරේ එකා වන ජනපති ලේකම් සමන්ට කළගුණ දක්වා නෑ ගම් ආවේ ආනමඩුව කෝන්වැව ප්‍රාථමිකයේ දරුවන් හා ගුරුන් කොළඔ ආවේය. ඒ කැවිලි පෙට්ටි 07 ක් රැගෙනය. ඔවුහු කොළඹ සුවිශේෂ තැන් දැක බලා ගත්තේ සනුහරේ මිනිහාගේ හයියෙනි.

"මැයි රැළියට මරදානයි නිදහස් චතුරස්‍රයයි බුක් කළා. එකක් තෝර ගමු" රංගෙ කීවේ එජාප කළමණාකරන කමිටුවේදීය. "මරදානෙ වීරසේකර මාවත හොදයි" ජනපති කීය.

රනිල්-මෛත්‍රී යුවළ ලයනල් වෙන්ට් ගියේ "මයි ට්‍රිබියුට්" නැරඔීමට ය. බදාදා ටැම්පිට විහාර බොධිය විවෘත කොට ජනපති ගියේ පාර්ලිමේන්තුවටය. ආණුඩිවේ පිරිස ජනපති වට කර ගත් විට නිමල් සිරිපාල ගුත්තිල කාව්‍යයක් කියා "දුදනන්ට උදව් කරනු එපා" යයි කීවේ මහාචාර්ය ආශු දෙස බලමිනි.

"ඔය කවිය මගේ දිහා නෙවෙයි විපක්ෂය දිහා බලල සභාවෙදි කියන්න"ආශු කීවේ සිනා මැදය. "කෝප් කමිටුවෙන් කට්ටිය යනවා" ආශු තවත් එකක් කීවේය. "ඒක මගෙන් පිට තියෙන වැඩක්. පාර්ලිමේන්තුව ඒක බැලන්ස් කර ගන්න ඔින" නරියා ඇඟ බේරා ගත්තේ තමාට ගේම් දී අපහසුතාවට ලක් කරන්නට පොහොට්ටුව ගැසූ ගේමට "හොද වැඩේ" යයි හිතින් හිතලාදැයි දන්නේ ඔහුම පමණය.

ගාමිණී දිසානායක සමරුවට නවීන් සමග එකතුවූ රනිල් අනතුරුව සති අන්තයේ යාපනය හා පොළොන්නරු ගියේ දඔුළුත් ගිහින් තලගොයිත් මරා ගන්නටදැයි දන්නේ නැත.

රනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු | Lanka Newsweek