රනිල් කියන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂක කුලී හේවායෙක්

රනිල් අගමැති කළේ රට වෙනුවෙන් නොව පවුලේ ආරක්ෂාව වෙනුවෙනුයි රනිල් තරම් විශ්වාසවන්තයෙක් රාජපක්ෂලාට නැහැ මේ කැත, කිළිටි, මජර, ත්‍රාඩ දේශපාලන සංස්කෘතියම පරාජය කළ යුතුයි (හේෂාන් සම්පත් ශානිකා ශිරෝමාලි,…
රනිල් අගමැති කළේ රට වෙනුවෙන් නොව පවුලේ ආරක්ෂාව වෙනුවෙනුයි
රනිල් තරම් විශ්වාසවන්තයෙක් රාජපක්ෂලාට නැහැ
මේ කැත, කිළිටි, මජර, ත්‍රාඩ දේශපාලන සංස්කෘතියම පරාජය කළ යුතුයි

(හේෂාන් සම්පත් ශානිකා ශිරෝමාලි, එරන්දි සුබසිංහ, ගීත් තාරුක සහ ඇන්ටනී අගාස්)
රනිල් වික්‍රමසිංහ කියන්නේ "ගෝඨා-මහින්ද" ප්‍රධාන එම දූෂිත, මැර සහ ඒකාධිපති පවුලේ ආරක්ෂක කුලී හේවායෙකු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
මේ මොහොතේ පරාජයට පත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව ඔහු සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ සියලු දෙනාගේ කැත, කිළිටි, මජර, ත්‍රාඩ දේශපාලන සංස්කෘතියම යැයි ද පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කියා සිටියි.
දැන්වීම
"රනිල් වික්‍රමසිංහ හැමදාමත් මහින්ද රාජපක්ෂ ප්‍රධාන එම පවුලේ ගැළවුම්කරුවා වුණා. රනිල් වික්‍රමසිංහ හැමදාමත් ක්‍රියා කළේ එම පවුලේ ආරක්ෂක කුලී හේවායෙක් ලෙසයි. මහින්ද රාජපක්ෂ ප්‍රධාන එම පවුලේ ත්‍රාඩ දේශපාලනය බිත්තියටම හේත්තු වෙලා තිබෙන මේ මොහොතේ දී පවා රනිල් වික්‍රමසිංහ සියඇඳි වත පවා උනා දමා මහින්ද රාජපක්ෂ ප්‍රධාන එම පවුලේ ආරක්ෂක කුලී හේවායා හැටියට කටයුතු කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නව අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහව තෝරා ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය ආරක්ෂා කර ගනිමින් පවුල ආරක්ෂා කර ගැනීම සඳහායි. ඒකාධිපති රාජපක්ෂ පවුලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් සිටින හොඳම විශ්වාසවන්තයා රනිල් වික්‍රමසිංහයි.
ඒ නිසා අද පරාජයට පත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නොවෙයි. ඔවුන්ගේ කැත, කිළිටි, මජර දේශපාලන සංස්කෘතියමයි. එම දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම පරාජයට පත් කළ යුතුයි. ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ ක්‍රියා මාර්ගය ගත්තේ ආර්ථිකය ගැන හෝ රටේ ජනතාව ගැන හිතලා නොවෙයි. සිය පවුලේ ආරක්ෂාව ගැන හිතලයි."