රනිල් අනුරාධපුරෙන් පටන් ගත්තාද..?

පහුගිය දා රනිල් අනුරාධපුර ගිහින් අටමස්ථාන වැඳපුදා ගන්නවා දැක්කා.රනිල් එක පාරට අනුරාධපුර වන්දනාවේ ගියේ ඇයි?රනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන හිතද්දී ඔච්චර දුර ගියේ අත්‍යවශ්‍ය බාරයක්වත් ඔප්පු කරන්නද?මොකක් හරි…
පහුගිය දා රනිල් අනුරාධපුර ගිහින් අටමස්ථාන වැඳපුදා ගන්නවා දැක්කා.රනිල් එක පාරට අනුරාධපුර වන්දනාවේ ගියේ ඇයි?රනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන හිතද්දී ඔච්චර දුර ගියේ අත්‍යවශ්‍ය බාරයක්වත් ඔප්පු කරන්නද?මොකක් හරි හේතුවක් නැතිව රනිල් ඔච්චර දුරක් යයි කියලා හිතන්න බෑ.ඇඟේ ෆිට්නස් පෙන්නන්න රනිල්ට ඔච්චර දුර යන්න ඕනි නෑ.
අපි දෙපැත්තටම සාධාරණ විදිහට හිතුවොත් රනිල් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සහ රුවන්වැලි මහ සෑ රජුන්ගේ ආශීර්වාදය ගන්න ගියා කියලා හිතන්න පුලුවන්.එතකොට ඊළඟට එන ප්‍රශ්නය තමයි මොකක් සදහාද මේ ආශීර්වාද ගන්න ගියේ කියන එකයි.පෞද්ගලික චාරිකාවක් නං මෛත්‍රී වික්‍රමසිංහත් එක්ක යන්ත ඕනි.රනිල්ගේ අගසව්වෝ දෙන්නා නං ළඟ හිටියා.ඒ කියන්නේ වජිරයි,සාගලයි.රනිල්ගේ මේ සංචාරයේ ප්‍රබල දේශපාලන පණිවිඩයක් තියනවා කියලයි රටේ රාළ හිතන්නේ.
රනිල් ආශීර්වාද ගන්න ගියේ මොකටද කියලා ජෙප්පෙක්ගෙන් ඇහුවොත් ෂුවර් එකට කියන්නේ හිරේ යන එක නතර කරගන්න බාරයක් වෙන්න යන්න ඇති කියලා.රනිල් ඇතුලට දැම්මත් දැන් ඉස්සිරිතාලේ තමයි.තවත් පොතක් කියවලා රනිල් එලියට එයි. ඒකෙන් කියන්නේ නෑ රනිල් කොටු කිරීමේ සැලැසුමක් ආණ්ඩුවට නෑ කියලා.අනිවාර්යෙන්ම රනිල් කොටු කරන්න පැලවත්ත සහ ශානි ලොකු උත්සාහයක් දරනවා.ඒක කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.
දැන්වීම
හැබැයි ඊට ඉස්සෙල්ලා රනිල් ආණ්ඩුව කොටු කරයිද කියන සැකය නං රටේ රාළට තියනවා.මොකද රනිල්ගේ මේ බැහැපු විදිහේ වෙනසක් රටේ රාළට දැනෙනවා.මේ ආණ්ඩුවට විපක්ෂයේ තියන ප්‍රධාන අභියෝග දෙක වෙන්නේ සජිත් සහ නාමල්. පාර්ලිමේන්තුවෙන් එලියෙත් අභියෝග කීපයක් තියනවා.හැබැයි මේ ඔක්කොටම වඩා අභියෝගයක් විදිහට මාලිමාව රනිල්ව දකිනවා.ඒ රනිල් ගේමක් ගහයි කියලා ආණ්ඩුවත් සැක කරන හින්දයි.
එහෙම හිතන්න හේතු ගොඩක් එයාලටත් තියනවා.එකක් ආණ්ඩුවේ නොහැකියාව සහ රනිල්ගේ හැකියාව සම්බන්ධව පැලවත්ත හොඳ understand එකක ඉන්නවා.අනුර දැන් අමාරුවේ වැටිලා තියෙන්නේ රනිල් ගිය පාරේ යන්න ගිහින්.ඇත්තටම රනිල් ගිය පාර ගැන නොදැන ඒ පාරේ ගිය වරඳට අනුරට දඬුවම් විදින්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.වරඳ අනුරගේ නොදැනීම නෙවෙයි,නොදන්නා බව දැන දැනම රටක් අමාරුවේ දැමීමයි.රටේ ලිබරල් ආර්ථික ක්‍රමයක් නං පවත්වාගෙන යන්නේ ඒක කරන්න හොඳම මිනිහා රනිල්.
ලිබරල් ආර්ථිකය ඇතුලේ නං ප්‍රශ්නයට උත්තර තියෙන්නේ ඒ උත්තර හදලා දෙන්න පුලුවන් රනිල්ට.අනික තමයි රනිල්ට තියන ජාත්‍යන්තර සම්බන්ධතා වෙන කාටවත් නෑ.රනිල් කියන්නේ ලෝකය පිලිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.ඒ වගේම තමයි රනිල් ඕනි කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්.2022 දී ගෝඨාභය පැනලා ගියාට පස්සේ රනිල් පොහොට්ටුවේ අයත් එක්ක සාර්ථකව ආණ්ඩු කළා.යම් විදිහකින් රනිල් පාර්ලිමේන්තු ආවෙත් රනිල් මාලිමාවේ ජවිපෙ නොවන පාර්ශවයත් එක්ක වැඩ කරන හැටිත් නොපෙන්වා හිටී කියලා කාටවත් කියන්න බෑ.
රනිල් පහුගිය දවස්වල තිබුන සටන්වලට ලොකුවට බැස්සේ නෑ. හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක රනිල් ලොකුවට හැපෙන්න ගියේ නෑ.ඒ වගේම දැන් මතුවෙලා තියෙන සෞඛ්‍ය issue's එක්කත් රනිල් හැපෙන්නේ නෑ.ඒකෙන් කියන්නේ රනිල් ඒවට කැමතියි කියන එක නෙවෙයි.රනිල් සටන අල්ලන්නේ ඒවයින් නෙවෙයි.රනිල් අල්ලන්නේ වෙනම තැනකින්.රටේ රාළට හිතෙනවා රනිල් මේ ඉන්නේ ඒ පොට පෑදෙනකම් කියලයි.
නිකං හිතන්නකෝ පාර්ලිමේන්තුවේ එජාපය නියෝජ්‍ය කරමින් ඉන්න රවී ගැන.රවී තමයි මේ පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න දාලා තියෙන්නේ.රවී දාපු ප්‍රශ්නවලින් අති බහුතරය ආර්ථික සමිබන්ධ ප්‍රශ්න.ඒකට හේතුව ආර්ථික තමයි එයාලගේ විෂය.රනිල්ගේ විෂයත් ආර්ථික,රවීගේ විෂයත් ආර්ථික.රවී නිතර ආර්ථික හරි පාරේ යන්නේ නෑ කියලා කියනවා.යන්න ඕනි මේ පාර කියලත් කියනවා.දැන් යන පාරේ ගියොත් වෙන්නේ පුළුවන් දෙයත් රවී කියනවා.
තනි අලියා විදිහට රනිල් එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඉන්නකොට රනිලුත් ඔය වැඩේම කළා.එදා රට වැටෙන්න යනකොට රනිල් කිව්වා රට වැටෙයි කියලා.ඒකට එයාගේ උත්තරයත් කිව්වා.එත් කවුරුත් පිළිගත්තේ නෑ. අන්තිමට රට වැටුණා.වැටුන රට රනිල්ටම ඇවිත් නැගිට්ටවන්න සිද්ධවුනා.දැන් රවී කියන කතාව මේ ක්‍රමයට අනුව හරි.හැබැයි ඒක කරන්න ආණ්ඩුව එකඟ නෑ.රටේ රාළ හිතන්නේ රනිල් අඩිය තියන්නේ රටේ ආර්ථික චලනය හොදින් කියවා ගෙන කියලයි.
ගිය අවුරද්දේ රනිල් එනවද නැද්ද කියලා පාක්ෂිකයෝ අහනකොට රනිල් ගොඩක් තැන්වලදී කියලා තිබුණේ wait and see කියලයි. හැබැයි දැන් රනිල් එන්නේ will do it වගේ ටොන් එකකින්ද කියලා රටේ රාළට හිතෙනවා.ඔයාලට මතක ඇති ගොඩක් අය 2029 ජනාධිපතිවරණයක් සම්බන්ධව කතා කරද්දි රටේ රාළ කිව්වේ 2029 ය ජනාධිපතිවරණයට මෙහා කඩයිමක් තියනවා කියලා.ඒ කියන්නේ කාට හරි අදින්න කොටයක් අනුර ඉතිරි කරන්න තියන ඉඩ වැඩියි.
එකයි රටේ රාළ රනිල්ගේ චලනයේ වෙනසක් දකින්නේ.ගොඩක් දුරට රනිලුත් පිලිගන්නවා ඇති රටේ රාළ කියන අතර මැද කඩයිම් කතාව.කොට ඇදලා පුරුදු උනහම කොටයක් ළඟ නං ටක් ගාලා දැනෙනවා.ඇත්තමට රනිල්ගෙන් ගන්නවා නං ගන්න තියෙන්නෙත් අනුරගේ කොටේ ඇදගන්න එක විතරයි.රටේ රාළ මේ ප්‍රශ්නයේදී පැහැදිලිව ඉන්න තැන කියන්නම්.මේ ආණ්ඩුව පලවා හරින්න ඕනි.
හැබැයි ඒක කරන්න ඕනි පලවාහැරියට පස්සේ එතෙන්ට ආදේශ වෙන්න පුළුවන් උත්තරයක් එක්ක.එතනදී රටේ රාළට නං කඳවුරු ප්‍රශ්නයක් නෑ.මොකද රටේ රාළ දකුණු ඉවුරවත්,වම් ඉවුරවත් නියෝජනය කරන්නේ නෑ.දකුණු ඉවුර සහ වම් ඉවුර විදිහට බෙදන එකත් මේ මොහොතේ ප්‍රතිගාමී.දකුණු ඉවුරෙත්, වමි ඉවුරෙත් ප්‍රතිෂේප කරන්න ඕනි තරම් දේවල් තියනවා.ඒ වගේම එකතු කරගන්නත් ඕනි තරම් දේවල් තියනවා.අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික කියන අන්ත දෙකම වැරදියි.
මේ මොහොතේ ඕනි කඳවුරුවලට බෙදීමක් නෙවෙයි.ශ්‍රී ලාංකීය රාජ්‍යට සේවය කරන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු.ඒ අය ඔය හැම පැත්තෙම ඉන්නවා.නැත්තේ ජවිපෙ ඇතුලේ විතරයි.අද ජවිපෙ ඉන්නේ උපන් ගෙයි පින්ගුත්තරයෝ.ඒක නිසා පොදු එකඟතාවයක් හදාගෙන මේ ආණ්ඩුව පලවා හරින්න ඕනි.ඒකට මාලිමාවේ කණ්ඩායමකුත් එකතුවෙයි කියන පුරෝකථනය රටේ රාළට තියනවා.