අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් අගමැති වන කතාව සල්ලි ගරන ව්‍යාපෘතියක්

රනිල් අගමැති වන කතාව සල්ලි ගරන ව්‍යාපෘතියක්

ව්‍යාපෘතිය මෙහෙය වන්නේ වජිර-සාගල-රංගේ බණ්ඩාර රනිල් අගමැති කරන්න ආණ්ඩුවට පිස්සුවක් නැහැ තමා අගමැති වන කතාව රනිලුත් ප්‍රතික්ෂේප කරයි ජාතික ආණ්ඩුවක් යටතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා…

ව්‍යාපෘතිය මෙහෙය වන්නේ වජිර-සාගල-රංගේ බණ්ඩාර 

රනිල් අගමැති කරන්න ආණ්ඩුවට පිස්සුවක් නැහැ 

තමා අගමැති වන කතාව රනිලුත් ප්‍රතික්ෂේප කරයි 

රනිල් අගමැති වන කතාව සල්ලි ගරන ව්‍යාපෘතියක්

ජාතික ආණ්ඩුවක් යටතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට අනිද්දාම රටේ අගමැති වන බවට පැතිර යන ආරංචියේ කිසිදු සත්‍යතාවයක් හෝ පදනමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් "lankanewsweek" සමග පවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා හෙට අනිද්දම රටේ අගමැති වන බවට වන මෙම අසත්‍ය සහ පදනම් විරහිත කට කතාව රට පුරා පතුරුවන ව්‍යාපෘතිය මෙහෙය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාගල රත්නායක යන මහත්වරුන් බව ද ඔහු හෙළිදරව් කර සිටියේය.

දැන්වීම

මේ තිදෙනා එකට එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සල්ලි ලබා ගැනීමට, අතිශය කලකිරීමට පත්ව පක්ෂය අතහැර ගොස් සිටින පාක්ෂිකයින් යළි කැඳවා ගැනීමට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බිය ගන්වා සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ අර්බුද ඇති කිරීමට බව ද එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රබලයා කියා සිටියේය.

ඊට අමතරව මීට දින ගණනාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ගම්පොල පදිංචි සිය මිත්‍රයෙකුගේ නිවසේ දී දිවා ආහාර ගෙන ඇති අතර එහිදී සිය මිත්‍රයා සමග පාලිත රංගේ බණ්ඩාර මහතා කියා තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් වීමට සමගාමීව එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කිහිපයක් ද ලැබෙන බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් "lankanewsweek" එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේ දී ඔහු කියා සිටියේ තමා එවැනි ප්‍රකාශයක් නොකළ අතර ගම්පොල පැත්ත පළාතේවත් නොගිය බවය. 

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයින් පිරිසක් ඔහුගෙන් මේ කාරණය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී, "ගිලෙන නැවට පනින්නේ කවුදැයි" ප්‍රශ්න කරමින් ඔහු ද එම කට කතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු වන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගෙන් මේ සම්බන්ධයෙන් "lankanewsweek" කරුණු විමසූ අවස්ථාවේ දී එම අසත්‍ය සහ පදනම් විරහිත කට කතාව ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවක් ඇති කර අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතා පුද කිරීමට ආණ්ඩුවට පිස්සුවක් නොමැති බවය. 

රනිල් අගමැති වන කතාව සල්ලි ගරන ව්‍යාපෘතියක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල් අගමැති වන කතාව සල්ලි ගරන ව්‍යාපෘතියක් | Lanka Newsweek