රනිල් අගමැතිකම භාර ගෙන තිබෙන්නේ කෘත්‍යාධිකාරීයට හොරෙන්

කෘත්‍යාධිකාරිය කැඳවා නැහැ පක්ෂයේ අනුමැතියක් නැහැ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අගමැති ධූරය භාර ගෙන තිබෙන්නේ එම පක්ෂයේ අනුමැතියකින් තොරවය. එක්සත්…
කෘත්‍යාධිකාරිය කැඳවා නැහැ
පක්ෂයේ අනුමැතියක් නැහැ
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අගමැති ධූරය භාර ගෙන තිබෙන්නේ එම පක්ෂයේ අනුමැතියකින් තොරවය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා එම මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව තනි මතයට අනුව අගමැති ධූරය භාර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ පිරිසක් "lankanewsweek" සමග පැවැසූහ.
ඒ අනුව ඊට එරෙහිව ගත හැකි නීතිමය සහ දේශපාලන පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් මේ වන විට කරුණු සාකච්ඡා කරමින් සිටින බව ද ඔවුහූ වැඩි දුරටත් සඳහන් කළහ.