රනිල්ව ආරක්ෂා නොකළා නම් අද එජාප නායකයා රවී

බැඳුම්කරයට වග කිව යුත්තේ රනිල්-කබීර්-මලික් බැඳුම්කරයේ ඒ ඇත්ත රටට කියන්නැයි කිව්වාම රවී ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා එජාපය කැඩුවේ රනිලුයි-අකිලයි එජාපය දෙකඩ වීම වළක්වා ගැනීමට රවීයි-කරුයි විශාල පරිශ්‍රමයක්…
බැඳුම්කරයට වග කිව යුත්තේ රනිල්-කබීර්-මලික්
බැඳුම්කරයේ ඒ ඇත්ත රටට කියන්නැයි කිව්වාම රවී ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
එජාපය කැඩුවේ රනිලුයි-අකිලයි
එජාපය දෙකඩ වීම වළක්වා ගැනීමට රවීයි-කරුයි විශාල පරිශ්‍රමයක් දැරුවා
සජබයේ ප්‍රබලයෙක් ඇත්ත හෙළි කරයි..!

මහා බැංකු බැඳුම්කර සිද්ධියේ දී රවී කරුණානායක මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා නොකළා නම් අද එම පක්ෂයේ නායකයා ඔහු යැයි සමගි ජන බලවේගයේ තරුණ සහ ප්‍රබල මන්ත්‍රීවරයෙක් "lankanewsweek" සමග පැවැසීය.
සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් මේ ප්‍රකාශය "lankanewsweek" සමග කළ එම මන්ත්‍රීවරයා එසේ වුණා නම් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වන්නේ නැතැයි ද කියා සිටියේය.
දැන්වීම
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙළිදරව් කරමින් "lankanesweek" සමග අදහස් දැක්වූ එම තරුණ සහ ප්‍රබල මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ද කියා සිටියේය.
"මහා බැංකු බැඳුම්කර සිද්ධියේ දී රවී කරුණානායක මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා නොකළා නම් අද එම පක්ෂයේ නායකයා ඔහුයි. එසේ වුණා නම් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වන්නේ ද නැති අතර "සජිත්-රවී" සුසංයෝගයෙන් ආණ්ඩු බලය ගැනීමට ද තිබුණා.
සිය දේශපාලන පක්ෂය වන "හංසයා" ලකුණින් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායමට ලබා දී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම වළක්වා ගැනීමට රවී කරුණානායක මහතා විශාල උත්සහයක් දැරූ අතර හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා ද තිරය පිටු පස සිටිමින් පක්ෂය දෙකඩ වීම වළක්වා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරුවා.
රවී කරුණානායක සහ දේශබන්දු කරු ජයසූරිය යන මහත්වරුන්ගේ මෙම මැදිහත් වීමට එරෙහි වෙමින් එම වැඩ පිළිවෙළ සහ දේශපාලන සාකච්ඡාව කඩාකප්පල් කළේ එක්සත් ජාතික පක්ෂ නායක සහ එවකට එම පක්ෂයේ මහා ලේකම්වරයාව සිටී අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුනුයි.
සජිත් ප්‍රේමදාස පාර්ශවය සමග සිදු කරන සාකච්ඡා, දේශපාලන ගණුදෙනු සහ ක්‍රියාත්මක කිරීමට යන වැඩ පිළිවෙළ වහාම නතර කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් කතා කර කරු ජයසූරිය මහතාට නියෝග කළා.
මේ අතර එවකට එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා එක්තරා ජනමාධ්‍යවේදියෙකුට දුරකතනයෙන් අමතා කියා සිටියේ, රවී කරුණානායක මහතා "හංසයා" ලකුණින් යුතු සිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සජිත් ප්‍රේමදාස පාර්ශවයට ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එසේ නොකරන ලෙස ඔහුට කියන ලෙසයි.
මේ සාකච්ඡා සහ වැඩ පිළිවෙළ අතරමඟ නතර වුණේ මහා බැංකු බැඳුම්කර සිද්ධියට රවී කරුණානායක මහතා බන්ධනාගාර ගත වීමත් සමග වන අතර ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ද දෙකඩ වුණා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ බලාපොරොත්තු ඉටු වුණා.
මහා බැංකු බැඳුම්කර සිද්ධියට ඍජුව වග කිව යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ අර්ජුන් මහේන්ද්‍ර යන අයයි. ශ්‍රී ලංකා මහා බැංකුව තිබුණේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර සියලුම රාජ්‍ය බැංකු සහ වාණිජ්‍ය බැංකු තිබුණේ කබීර් හෂීම් යටතේයි.
මහා බැංකු බැඳුම්කර සිද්ධිය ගැන ඇත්ත කතාව රටට-ජනතාවට හෙළිදරව් කරන ලෙස අප එදා රවී කරුණානායක මහතාට තරයේ කියා සිටියා. එහෙත් ඒ අවස්ථාවේ දී රවී කරුණානායක මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය, නායක රනිල් වික්‍රමසිංහ, යහ පාලන ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට තමාට සිදු වන බවයි. මේ සියල්ල ආරක්ෂා කිරීමට ගොස් අවසානයේ දී ඔහුට සිදු වූයේ දේශපාලන වශයෙන් සිය දිවි නසා ගැනීමටයි."
