රනිල්ට තවත් කොටයක්ද..?

රනිල් අත්අඩංගුවට ගැනීමත් එක්ක ආණ්ඩුවට තිබුණ ජනතා විරෝධය දේශපාලන සුළි කුණාටුවක් බවට පත්වෙලා.මහින්ද සුළඟ හැමුවේ ලංකාවේ විතරයි,හැබැයි රනිල් සුළඟ ලෝකය පුරා හමායමින් තියනවා.ඉදිරි දවස්වලදී මේ සුළි කුණාටුව…
රනිල් අත්අඩංගුවට ගැනීමත් එක්ක ආණ්ඩුවට තිබුණ ජනතා විරෝධය දේශපාලන සුළි කුණාටුවක් බවට පත්වෙලා.මහින්ද සුළඟ හැමුවේ ලංකාවේ විතරයි,හැබැයි රනිල් සුළඟ ලෝකය පුරා හමායමින් තියනවා.ඉදිරි දවස්වලදී මේ සුළි කුණාටුව තවත් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්.අනුර - ටිල්වින් - බිමල් කල්ලියේ පලිගැනීමෙන් උනේ පැත්තක හිටපු රනිල් ආයෙත් දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වීමයි.දැන් ලංකාවේ දේශපාලනය කැරකෙන්නේ රනිල් වටේට.
අද 26 වෙනිදා නඩුව නැවත කැඳවන දවස.අද රනිල් වෙනුවෙන් ගෙනගිය සටන මහජන සටනක් බවට පත්වෙන දවස.රනිල්ට අද ඇප ලැබීම නොලැබීම මත සටනේ ඉදිරි පෙලගැස්ම තීරණය වෙයි.ආණ්ඩුව පැත්තෙන් බලද්දී දැනටමත් අනුර පසු බැහැලා. මොකද ජාත්‍යන්තර වශයෙන් ලොකු පීඩනයක් අනුරට ඇවිත් තියනවා.සාමාන්‍යයෙන් රටේ රාළ දන්න අනුර කියන්නේ පීඩනය ඉස්සරහා,පරාජයන් ඉස්සරහා හැංගෙන (missing) චරිතයක්.
අනිත් අය බැහැලා වැඩේ හැදුවට පස්සේ අනුර ඇවිත් තෙල බෙදලා වැඩේ අතට ගන්න එක තමයි අනුරගේ ක්‍රමය.දැන් මේ සටන කරට අරන් තියෙන්නේ ටිල්වින් සහ බිමල්.ටිල්වින් 24 වෙනිදා පැලවත්තෙන් එලියට බැහැලා දුන්න ඔයිෂ් කට් එක බැලුවොත් ටිල්වින් වැටිලා ඉන්න අමාරුව ඔයාලට තේරෙයි. ටිල්වින්ගේ උගුර කට වේවිලා.බිමල් කරපු මාධ්‍ය හමුවවේදිත් බිමල් තමන්ට රනිල් ගැන තියන වෛරය ගැන එකින් එක කිව්වා.
දැන්වීම
කොහොම හරි චිචීගේ රොකට් එක පැලවත්තට කඩාගෙන වැටුණට පස්සේ මේ කඩා වැටුණ මරාලයෙන් ගොඩ එන්න ලේසි නෑ.තවමත් පැලවත්ත පැත්තේ තීරණයවෙලා තියෙන්නේ මතුවෙන විරෝධය තඟ දාලා පස්සට දාගන්න ඕනි කියන එකයි. ඒක නිසා මෙතනින් එහාට අනුරට සහ පැලවත්ත පැත්තෙන් එන්නේ වැරදි තීරණම තමයි.තව තවත් ජනතාවගේ අප්‍රසාදයට සහ වෛරයට පාත්‍රවෙන තීරණ.ඒ වගේම මේ තීරණය විසින් මාලිමාවේ තියෙන බෙදීම පැහැදිවිවම තවත් වැඩි වෙනවා.
ජවිපෙ මනසින් හිතන්නේ නැති මාලිමාවේ මන්ත්‍රීවරුන් රනිල්ට එල්වුන මේ ප්‍රහාරය අනුමත කරන්නේ නෑ.මොකද පැලවත්තෙන් රනිලට ඉස්සෙල්ලා ගහන්න හැදුවේ හරිනිට.ඒ ප්‍රහාරය හරියට එල්ල කරගන්න එයාලට බැරිවුනා.ඊට පස්සේ තමයි රනිල්ට ප්‍රහාරය එල්ල වෙන්නේ.ඇත්තටම මේ ඒ ප්‍රහාරයේ දිගුවක්.දැන් ඒක ගැන මාලිමාව ඇතුලේ සාකච්ඡාවක් තියනවා.ඔයාලට පේනවා ඇති මේ සටනේ මාලිමාවේ කවුරුත් නෑ ඉන්නේ ජවිපෙ පාර්ශවය විතරක් බව.
ජවිපෙ පාර්ශවයෙත් ලාල් කාන්තලා ලොකුවට මෙතන නෑ. ජවිපෙත් ටිල්වින්ගේ ගෝලයෝ ටික තමයි බරට වැඩේට බැහැලා ඉන්නේ.එයාලටත් මේක වැඩි දවසක් ඇදගෙනද යන්න බෑ.මාලිමා පාර්ශවය ඇතුලේ ඇතිවෙලා තියන සාකච්ඡාව කලින් සාකච්ඡාවලට වඩා ස්ථාවර බවක් පේනවා.දැන් මාලිමා පාර්ශවයේ අදහස තමයි අනූරත් එක්ක,ජවිපෙ එක්ක තවදූරටත් ගමනක් නැති බවයි.මාලිමා පාර්ශවය අර්බුදකාරී තත්වයක් යටතේ එයාලට ගන්න පූළුවන් තීරණ මොනවද කියලා සළකා බලමින් ඉන්නවා.
ස්වාධීනවීම කියන එක එයාලගේ ප්‍රධාන option එකක්.ඒක වෙන්නේ හරිනිගේ සහ කැබිනට් එකේ ඉන්න අනිත් මාලිම් ඇමතිලාගේ බලයට අභියෝගයක් එල්ලවෙන වෙලාවකයි. ඇත්තටම මෙතනට ජවිපෙ කරගත්ත ලොකුම වැරැද්ද තමයි ගෙදර යමින් හිටපූ රනිල් නැවතු දේශපාලනයට ගෙන්වා ගැනීම. Chapter Close කරන්න හිටපු රනිල්ට තව Chapter එකක් ලියන්න ඉඩක් ජවිපෙ මේ මෝඩ තීරණයෙන් ඉඩ හදලා දීලා තියනවා.
වාසනාව කියන එක සිර දඬුවමක් විදිහට උනත් එන්න බැරිකමක් නෑ කියලා රනිල්ට හිතෙනවත් ඇති.මාලිමාව ඇතුලේ මේ සාකච්ඡාවත් තියනවා.ඒ කියන්නේ අනුරත් එක්ක තවදුරටත් ගමනක් නෑ කියලා විශ්වාස කරන අය ඊළඟට බලන්නේ ගමන තියෙන්නේ කාත් එක්කද කියලයි.සජිත්,නාමල් කියන සාධකය දෙක සැලකුවහම එයාලට එතනත් එක්ක සෙට් වෙන්න බෑ.සජිත් එක්ක සෙට් වෙන්න බෑ කියන එක සජිත්ගේ බොඩි language එකෙන්ම පේනවා.
නාමල්ට සෙට් වෙන්න පුළුවන් උනත් ඒක කරන්න තවම ඉක්මන් වැඩියි.ඒකට ලොකු සමාජ බාධාවක් තියනවා.හැබැයි රනිල් පාර්ලිමේන්තුවේ හිටියා නං මේ දෙගොල්ලො සෙට් වෙනවා. චින්තනමය වශයෙන් ගත්තත්,සංස්කෘතිකමය වශයෙන් ගත්තත් මතවාදයෙන් ගත්තත් එයාලා වැටෙන්නේ එක කැටගරියකට.මේ වගේ තත්වයක් යටතේ තමයි ආයෙත් රනිල් පාර්ලිමේන්තු එන්න ඕනි කියන සංවාදය හැදෙන්නේ.ඒ එක්කම මේ දක්වා අනූරට තිබුණ සර්වපාක්ෂික ආණ්ඩුවකට යෑමේ අවස්ථාවත් අහිමි වෙනවා.
දැන් අනුරත් එක්ක සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න විපක්ෂය එකඟවෙයි කියලා හිතන්න බෑ.කොහොම හරි රනිල්ට පාර්ලිමේන්තු එන්න අවස්ථාවක් නිර්මාණය වෙන්න අවස්ථාවක් දැන් නෑමයි කියලා කියන්න බෑ.ඇත්තටම ඒ අවස්ථාව හැදුනොත් හැදෙන්නේ අනූර - ටිල්වින් - බිමල් කල්ලිය ගත්ත මේ මොට්ට තීරණය හින්දයි.ඒක පැත්තකින් රනිල්ට දැන් දේශපාලනයෙන් සමුගන්න බෑ.රනිල්ට තමන්ගේ නිර්දෝෂී බව නීතිය ඉදිරියේ වගේම දේශපාලනය ඉදිරියේත් ඔප්පු කරලා පෙන්වන්න වෙනවා.
රනිල්ට ඒ උවමනාව හැදෙනන්න ඕනි.ඊළඟට ඒ උවමනාව ඉෂ්ඨ කරන්න අවස්ථාවක් රනිල්ට ඕනි.යම් විදිහකින් ෆයිසර් මුස්තාපා ඒ අවස්ථාව රනිල්ට දුන්නොත් ආයෙත් දැවැන්ත දේශපාලන පෙරලියක් අත ළඟ කියන එක පැහැදිලියි.හැබැයි රටේ රාළ තවමත් ෆයිසර් එහෙම කරයි කියලා විශ්වාස කරන්නේ නෑ.ඒ වගේ අවස්ථාවක් එනවා නම් මාලිමා මන්ත්‍රීවරු පිරිසගේ ස්වාධීන වීම ඉක්මන් වෙනවා.රනිල් පාර්ලිමේන්තුවට ආවොත් මාලිමා ආණ්ඩුව බිඳ වැටෙන එක නවත්තන්න බෑ.
ඇත්තටම මේක නොවෙන්න තමයි මේ දක්වා වැඩි සම්භාවිතාවක් තිබුණේ.හැබැයි අනුර - ටිල්වින් - බිමල් හවුල විසින් ගත්ත අමන මරි මෝඩ තීරණය විසින් දැන් ඒක වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියනවා.මොකද ආණ්ඩුවේ මර්ධනයට සියල්ල බිලිවෙනවාට වඩා අතර මැද එහෙම උත්තරයක් තියනවා.රටේ රාළ ඒකට එකඟද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ තත්වයන් යටතේ.හැබැයි විපක්ෂයට එක උත්තරයක් විදිහට ඒච තියනවා.දැන් සුදා සජිතුත් දවස් 14 කට දානවා කියලා කියලා තියනවා.ඊට වඩා මේ උත්තරය හොඳයි කියලා සජිත්ටත් හිතෙන්න පුළුවන්.
දැන් රනිල් නිදහස් කරන්න කියන ජාත්‍යන්තර බලපෑම දිගටම එනවා.ආණ්ඩුවට රනිල් ඇතුලට දාපු එක සාධාරණීකරණය කරන්න බෑ.විශේෂයෙන්ම යුරෝපා නීතියට අනුව රනිල්ට එල්ල කරලා තියන චෝදනාව කිසිම අගයක් නැති එකක්.එරික් සෝල්හයිම් පවා ඒක කියලා තිබුණා.
දැනටමත් ආණ්ඩුවට කට උත්තර නැති වෙන මට්ටමේ ජාත්‍යන්තර පීඩනයක් ඇවිල්ලා.ඒවට ටිල්වින්ලා ජෙප්පන්ට දෙන මෝඩ උත්තර හරියන්නේ නෑ.අපි දැවැන්ත හුදකලාවීමකට ලක්වෙන්න නියමිතයි.සමහරවිට ඒකෙනූත් බේරගන්න වෙන්නේ රනිල්ට තමයි.කොහොම හරි ඉතා කෙටි කාලයක් ඇතුලේ දැවැන්ත දේශපාලන වෙනසක් වෙන්න නියමිතයි.