අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට ගහලා පොල්ල වරද්දා ගැනීම

රනිල්ට ගහලා පොල්ල වරද්දා ගැනීම

මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් රනිල් කොළඹ ජාතික රෝහලෙන් පිටව ගිහින්.රනිල් රෝහලෙන් පිටවෙලා ගිය විදිහට නං ලොකු අවුලක් පේන්නේ නෑ.දැන් කාටත් ප්‍රශ්නයවෙලා තියෙන්නේ රනිල්ගේ ඊළඟ පියවර මොකද්ද කියන එකයි. මෙතනදී…

මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් රනිල් කොළඹ ජාතික රෝහලෙන් පිටව ගිහින්.රනිල් රෝහලෙන් පිටවෙලා ගිය විදිහට නං ලොකු අවුලක් පේන්නේ නෑ.දැන් කාටත් ප්‍රශ්නයවෙලා තියෙන්නේ රනිල්ගේ ඊළඟ පියවර මොකද්ද කියන එකයි. මෙතනදී රනිල්ට ගන්න තියෙන්නේ පියවර දෙකයි.එකක් වෙච්චි සියල්ල අමතක කරලා දේශපාලනයෙන් විශ්‍රාම ගන්න.

ඊට පස්සේ රනිල්ට කරන්න ඕනි කියන හෘද සැත්කමත් කරගෙන මෛත්‍රිත් එක්ක යහපත් විශ්‍රාම දිවියක් ගත කරන්න.එහෙමත් නැත්තං රනිල්ට තියන ඉතා සීමිත කාලය ඇතුලේ ආයෙත් දේශපාලනයට එන්න.දැන් රනිල්ට සක්‍රීය දේශපාලන භූමිකාවක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් මෙතන තියනවා.පුළුවන් උනත් රනිල්ට තියෙන්නේ ඉතාමත් සීමිත කාලයක් විතරයි.තව කොටයක් ඇඳලා යනවාට වැඩිය නං ලොකු කාලයක් රනිල්ට නෑ.

මේ තීරණ දෙකෙන් රනිල් ගන්නවා ඇත්තේ මොන තීරණයද?මෙතනදී රනිල් සම්බන්ධව සෑහෙන දුරට නිවැරදි විග්‍රහයක් කළේ පෙරටුගාමීන් කියලයි රටේ රාළ හිතන්නේ.දුමින්ද නාගමුව ඒ ගැන කියපු වචන ම්ලේච්ඡයි තමයි.ඒ ම්ලේච්ඡත්වය ගැන රටේ රාළ වෙනමම කතා කළා.හැබැයි ඒ වචන දේශපාලන අර්ථයෙන් කියවා ගනිද්දී රනිල් ගැන පෙරටුගාමීන්ට තියන කියවීම හරි කියලා රටේ රාළත් හිතනවා.දුමින්ද නාගමුව කිව්වේ රනිල්ට ගහලා පොල්ල වරද්දා ගැනීම හරීයට නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගෙයි කියලයි.

දැන්වීම

ඒකට දුමින්දලාට තියන එකම උත්තරය රනිල් ජීවිතාන්තය දක්වා හිරකරලා තියන එකයි.හැබැයි දුමින්ද නොකියා කියන්නේ රනිල් මේ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරනවා කියලයි.ඇත්තටම රටේ රාළත් හිතන්නේ රනිල්ට ආපහු හැරෙන්න නං බෑ කියලයි. රනිල් ඉතා කෙටි කාලයකට වේගවත් ගමනක් සහිත දේශපාලන program එකට බහින්න වෙනවා.රනිල්ට නීතිය ඉස්සරහා නිර්දෝෂී වෙන්න ඕනි වගේම දේශපාලනය ඉස්සරහත් නිර්දෝෂී වෙන්න ඕනි.

ඒක නිසා රනිල් පරාජය බාර අරගෙන ගෙදරට වෙලා හිටී කියලා හිතන්න බෑ.ඒකට බලපාන හේතු කීපයක් තියනවා.රනිල් තමයි අපේ රටේ සම්භාව්‍ය ධනවාදි දේශපාලන කදවුරේ අවසන් පුරුක. රනිල්ගේ සමකාලීනයෝ විදිහට ඉන්න චන්ද්‍රිකා,මහින්ද,දිනේෂ්, කරූ ජයසූරිය වගේ අය සළකද්දී චන්ද්‍රිකාව,මහින්ද,දිනේෂ් තුන් දෙනාම එන්නේ වමේ දේශපාලන ගර්භාෂයෙන්.

කරූ ජයසූරිය ලිබරල්වාදියෙක් උනත් කරූ පැවතගෙන එන්නේ ඉතිහසගත දේශපාලන පවුලකින් නෙවෙයි.කරූගේ දේශපාලන ගමන කථානායක ධූරයෙන් නතරවුනා.ඒකට රනිලුත් වගකියන්න ඕනි.ඒක වෙනම කතාවක්.ඒ කතාව මෙතෙන්ට අදාල නෑ.හැබයි රනිල් කියන්නේ තිඹිරිගෙයි ඉඳන්ම ලිබරල්වාදියෙක්. රනිල්ලාගේ දේශපාලන ඉතිහාසය එක්දාස් අටසිය ගණන්වල අඟ භාග්‍ය දක්වා දිව යනවා.ලංකාවේ ප්‍රභූ දේශපාලනයේ එක් පරපුරක අවසන් පුරුක රනිල්.ජේආර් ජයවර්ධනගෙන් පස්සේ එජාපය බිහි කළ දක්ෂතම සහ සූක්ෂම දේශපාලන නායකයා රනිල්.

රටේ රාළ එහෙම කියන එකෙන් ලලිත්,ගාමිණි,ප්‍රේමදාස,ගාමිණී අතුකෝරල වගේ එජාපය හදුන්වා දුන්න ජාතික නායකයන්ට අසාධාරණයක් වෙන එකක් නෑ.මොකද අපිට එයාලා කවුද කියලා බලන්න බැරිවුනේ එයාලා අකාලයේ මිය ගිය හින්දයි.රනිල්ට කොහොමත් තමන්ගේ ප්‍රභූ දේශපාලන උරුමය පාවාදීලා නවතින්න බෑ.රනිල්ට ඒ උරුමය වෙනුවෙන් සටන් කරන්න සිද්ධවෙනවා.ඊළඟ කාරණාව තමයි රනිල්ට මේ ගහන්නේ කවුද කියන එක.රනිල්ට ගහන්නේ අනුර.අනුර කියන්නේ විජේවීරගේ ගෝලයෙක් නෙවෙයි.

අනුර කියන්නේ විජේවීරගේ පක්ෂය ඇතුලේ හිටපු රන්ල්ගේ ගෝලයෙක්.අනුර රනිල් ළඟට ගෙනාවේ මලික්.අද ඒ දෙන්නම රනිල්ගෙන් ඈත්වෙලා.රනිල් සහ අනුරගේ ඉතිහාසය 2008 ටත් එහාට දිව යනවා.අනුර ජනාධිපති සටනට එනකම්ම රනිල් සහ අනුර අතර හොඳ යාළුකමක් තිබුණා.ඔයාලට මතක ඇති 2015 දී මෛත්‍රීගේ ජනාධිපති බලතල පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට යටත්ව රනිල්ට දෙන්න කියලා අනුර සහ විජිත උසාවි ගියා.ඒ තරම් ආදරයක් ඒ දෙන්නා අතර තිබුණා.

දවසක් රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වා එයා අනුරත් එක්ක කරපු වැඩ ගැන කියන්නේ නැත්තේ අනුරට ජවිපෙන් ප්‍රශ්න එන හින්දා කියලා.පහුගිය ජනාධිපතිවරණයේදීත් රනිල් හිටියේ රනිල්ට දිනන්න බැරි නං අනුර දිනන්න ඕනි කියන ස්ථාවරයේ.රනිල්ගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨවුනා.හැබැයි අනුර රනිල්ට මිත්‍ර ද්‍රෝහියෙක් වුනා.ඇත්තටම අනුර කළේ කන්ඩ දීපු අත හපා කෑවමක්.ඊළඟට රනිල් කිරි පොවලා තියෙන්නේ නයි පැටියෙකුට. රනිල් ඉතිහාසය ඇතුලේ මොනම වෙලාවකවත් අනුරව පාවාදීලා නෑ.රනිල් අනූරව විශ්වාස කළා.අනුර රනිල් ඉදිරියේ මූසිලයෙක් වුනා.

එදා ගුත්තිල මූසිල වීණා තරඟයේදී ගුත්තිලට උදව් කරන්න ශක්‍රයා ආවා.මේ පාරා රනිල්ට උදව් කරන්න එහෙම බලගතු කෙනෙක් ආවේ නෑ.රනිල්ට ඉතුරු උනේ රනිල්ට හොරා කියපු සහ රනිල් හොරා කියපු කට්ටිය විතරයි.ඒක නිසා රනිල්ට අනුරත් එක්ක බේරගන්න දේශපාලන ගනුදෙනුවක් තියනවා.රනිල්ට ඒක බේරගන්න සටනට බැහින්නම වෙනවා.රනිල්ගෙන් විතරක් නෙවෙයි අනුර රනිල්ගේ ළඟම කවයෙනුත් පලිගැනීම පටන් අරන් තියනව.නිමල් ලන්සා රනිල්ගේ සමිපතමයෙක්.ඊයේ අවුරුදු 19 කට උඩදී සිදුවුන සිදුවීමකට ලන්සා රක්ෂිත බන්ධනාගාර ගත කළා.දැන් ලන්සටත් විශ්වාස තියන්න තියන එකම තැන අධිකරණය විතරයි.

අනික තමයි අනුර මේ සියලු සෙල්ලම් දාන්නේ අනුර හදාගත්ත පිට්ටනික ඉඳන් නෙවෙයි.මේක රනිල්ගේ පිට්ටනිය.අනුර පලවෙනි ඉනිමේ හොඳට ගැහුවා.හැබැයි එතනින් පස්සේ double figures වලට එන්නවත් බැරි වෙනවා.

රනිල් හදලා දුන්න ආර්ථික ස්ථාවරත්වය මත තමයි අනුර තවමත් දුවන්නේ.ප්‍රශ්න තියෙන්නේ අනුරට ඒක මැනේජ් කරන්න බැරි එකයි.අනූර ඒක මැනේජ් කරන්න හදන්නේ තවත් අනූර වගේම මක බාස්ලා කීපදෙනෙක් දාගෙන.ඒක නිසා මේකට යන්න පුළුවන් දුර සහ මේක කඩා වැටෙන තැන දන්නෙත් රනිල්ම තමයි. සමහරවිට රනිල් අතේ තවමත් හංගගත්ත තුරුම්පු තියෙන්න පුළුවන්.මේක ගොඩදාන්න දන්න මිනිහා මේක වට්ටන්නත් දන්නේ නැති වෙන්න බෑ.බැරිවුනොත් අවුරදු එක හමාරෙන් දාලා යනවා කියලයි අනුර කියලා තියෙන්නේ.

ඒකට අනුව හිතුවොත් අනුරට තව තියෙන්නේ මාස හතයි.අනූරට යන්න තියෙන්නේ මාස හතක කාලයක් වගේම රනිල්ට එන්න තියෙන්නෙත් මාස හතක කාලයක් වෙන්නත් පුළුවන්.මේ ගල උඩ සටන බලන්න නම් රනිල්ට ඉක්මන් සුවය ලැබෙන්න ඕනි.රනිල් ආයෙත් පාර්ලිමේන්තු එන්න ඕනි.එහෙම නැතිව රනිල්ට මේ මැච් එක ගහන්න බෑ.රනිල් ආපහු පාර්ලිමේන්තු එන කතාවක් තියනවා.ඒකේ ඇත්ත නැත්ත දැන ගත්තත් ඒ ගැන මේ මොහොතේ කතා කරන එක සදාචාරාත්මක නෑ.හැබැයි එකක් රටේ රාළට හරියටම කියන්න පූළුවන්.

රනිල් මේ game එක play කරන්න නං අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු එන්න ඕනි.යම් විදිහකින් රනිල් පාර්ලිමේන්තු ආවොත් මැච් එක ගහන හැටි රනිල් දන්නවා.රනිල් කියන්නේ All - rounder කෙනෙක් විතරක් නෙවෙයි ඕනිම තරඟයක තීරණය වෙනස් කරන්න පුලුවන් කෙනෙක්.

- රටේ රාළ- 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න