අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..!

රනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..!

රනිල් මලික්ව නොතකා හැරලා..! එජාපයට එනවාද නැද්ද කියා තීරණයක් ගන්න..? තිස්සගේ දේශපාලන තීරණය ජූලි 24න් පසු..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ…

රනිල් මලික්ව නොතකා හැරලා..!

එජාපයට එනවාද නැද්ද කියා තීරණයක් ගන්න..?

තිස්සගේ දේශපාලන තීරණය ජූලි 24න් පසු..!

රනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත රහස් දේශපාලන පණිවුඩයක් යවා තිබේ.

තිස්ස අත්තනායක මහතා වෙත මේ දේශපාලන පණිවිඩය රැගෙන ගොස් තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකි.

දේශපාලන වශයෙන් තමා විවේචනය කිරීම නතර කර එක්සත් ජාතික පක්ෂයට යළි එකතු වන්න යැයි රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩය මගින් තිස්ස අත්තනායක මහතා වෙත දැනුම් දී තිබේ.

එසේ නම් පදනමක් නොමැතිව තමාට එරෙහිව නඩු පවරා තමාගෙන් දේශපාලන වශයෙන් පළි ගන්නේ මන්දැයි අගමැතිවරයාගේ පණිවිඩකරුවාගෙන් තිස්ස අත්තනායක මහතා විමසා ඇත.

එමෙන්ම 2014න් පසුව එක්සත් ජාතික පක්ෂයේ ශාඛා,යොවුන්,ලක් වනිතා ඇතුළු ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ  කිසිම සංවිධානයක් පිහිටුවා නොමැති තත්ත්වය හමුවේ පක්ෂය සම්පුර්ණයෙන්ම කඩා වැටී තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතාට පැහැදිළි කර දෙන්න යැයි ද අදාළ පණිවිඩකරුවාට තිස්ස අත්තනායක මහතා දැනුම් දී තිබේ.

එමෙන්ම ජූලි මස 24 වැනිදා යළි කැඳවා තිබෙන සිය නඩු වරායට පෙනී සිටීමෙන්  පසුව තමා දේශපාලන තීරණයක් ගන්නා බව ද ඔහු වැඩි දුරටත් දැනුම් දී ඇත.

තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයට යළි සම්බන්ධ කර ගැනීමේ කාරණය පිළිබඳව විවිධ පාර්ශව මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමාට ප්‍රශ්නයක් නොමැති නමුත් ඒ ගැන මලික් සමරවික්‍රම සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසය.

අනතුරුව එම පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම, ඔහු ඊට විරෝධය පළ කළ නිසා එදා සිට මේ දක්වාම තිස්ස අත්තනායක මහතාට එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට නොහැකි වී තිබිණ.

කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී මලික් සමරවික්‍රම මහතා සහ ඔහුගේ විරෝධය නොතකා හැර ඔහුට දැනුම් දීමක් ද  සිදු නොකර සිය සමීපතමයකු හරහා තිස්ස අත්තනායක මහතා වෙත මේ පණිවිඩය ඍජුවම යැවීම පුදුම සහගත බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..! | Lanka Newsweek