අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු පාරට බසිති

රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු පාරට බසිති

කතරගම – කොළඹ ප්‍රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීහු අද (20) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. ප්‍රදේශවාසීන් මෙසේ විරෝධතාවයක නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම…

කතරගම – කොළඹ ප්‍රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීහු අද (20) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති.

ප්‍රදේශවාසීන් මෙසේ  විරෝධතාවයක  නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ වෙල් යායට ගමන් කිරීම සඳහා ඇති මාර්ගය සැකසීමට පස් රැගෙන ආ ටිපර් රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙනි.

මෙම මාර්ගය සැකසීම සඳහා අදාළ  බලධාරීන්ට කිහිප වරක් ම දැනුම් දුන්න ද  ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ප්‍රදේශවාසීන් සිය  මුදල් එකතු කර මාර්ගය සැකසීමට තීරණය කර තිබේ.ඒ අනුව පස් ප්‍රවාහනය වෙනුවෙන් බලපත්‍රයක් ද  ලබා ගත් ඔවුන් මාර්ගය සැකසීමට මෙලෙස පස් ප්‍රවාහනය කර ඇත.

කෙසේ වෙතත් විශේෂ බලකා නිලධාරීන් මෙසේ පස් අඩංගු ටිපර් රථය ඔවුන් භාරයට ගෙන ඇත්තේ, බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රැගෙන යාම හේතුවෙන් බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු පාරට බසිති | Lanka Newsweek