රන්ජන් රාමනායක අත් අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සෙනසුරාදා (4) සවස අත්අඩංගුවට ගෙන ඇත. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෙනසුරාදා (4) සෝදිසි කරන ලද අතර එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක්…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සෙනසුරාදා (4) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෙනසුරාදා (4) සෝදිසි කරන ලද අතර එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට ගෙන එන බවත් ඉරිදා (5) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
දැන්වීම
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෙනසුරාදා (04) දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කළ බව ද පොලිසිය පවසයි.
රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කර ඇති බවද පොලිසිය පවසයි.