“රණ විරුවෝ දිවි පුදා පැරදවූ එල්ටීටීඊය ඕනෑ කියන්න ඔබට අයිතියක් නැහැ..”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

අගමැති-විජයකාලා මහේෂ්වරන් සංවාදය මෙන්න..! අගමැති දැඩි ස්ථාවරයක-විජයකාලා අඬමින් අරලිය මැදුරෙන් පිටව යයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේනමහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල්…
අගමැති-විජයකාලා මහේෂ්වරන් සංවාදය මෙන්න..!
අගමැති දැඩි ස්ථාවරයක-විජයකාලා අඬමින් අරලිය මැදුරෙන් පිටව යයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේනමහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරනනිල මෙහෙවර ජනපති ජනතාසේවයේ යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවතියේ සඳුදා (02) උදැසන 9.00 ට ය.
මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. “එල්ටීටීඊ පාලනයක් උතුරට යළි ඕනෑ” යැයි විජයකාලා මහේෂ්වරන් මහත්මිය ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ එහිදීය.
දේශපාලන ලෝකය කැළඹු අයගේ මේ ප්‍රකාශය කණ වැකුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විජයකලා මහේෂ්වරන් මහත්මියට දුරකථන ඇමතුමක් දී දැනුම් දී සිටියේ ඉක්මනින් පැමිණ තමා හමුවන ලෙසය.
සිය ප්‍රකාශයෙන් දකුණ ගිනි ගෙන ඇති බව සිය නායකයාගේ ස්වරයෙන්ම අවබෝධ කර ගත් විජයකාලා මහේෂ්වරන් මහත්මිය “සර් මට උණයි-හෙම්බිරිස්සාවයි හැදිලා ඉන්නේ...සනීප වුණ ගමන්ම මම කොළඹ එන්නම්” යැයි අගමැතිවරයාට පොරොන්දු විය.
ඒ අනුව පසුදාම කොළඹ පැමිණි ඇය අරලියගහ මැදුරට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර අගමැතිවරයා අයගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ලෙස කරුණු විමසීය.
“මම කිව්වෙ උතුරේ අද තියෙන ඇත්ත තත්ත්වය ගැන...දෙමළ ජනතාවගේ ඉඩම් තවම පවරලා නෑ.සංවර්ධනය ප්‍රමාණවත් නැහැ. අපරාධ වැඩිවෙලා...මත්ද්‍රව්‍ය ජාවාරම පැතිරිලා.උතුරේ වැන්දඹු පවුල් 30000ක් අසරණ වෙලා.උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා නැහැ” ඇය අගමැතිවරයා හමුවේ නිදහසට කරුණු කීවා ය.
“ඒ ප්‍රශ්නවලට රජයෙන් විසදුම් ගන්නවා විනා එල්ටීටීඊ පාලනයක් උතුරට යළි ඕනෑ කියලා කියන්න ඔබට අයිතියක් නෑ. එල්ටීටීඊය කියන්නේ තහනම් සංවිධානයක්...ඒ සංවිධානය පරාජය කරන්න දහස් ගණන් රණ විරුවෝ ජීවිත පූජා කළා. ඒ වගේ ඉතිහාසයක් තියෙද්දී මේ වගේ ප්‍රකාශයක් කරලා ඔබ කළේ විශාල වැරැද්දක්...ඒ නිසා ඔබ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස් විය යුතුයි” අගමැතිවරයා දැඩි ස්වරයෙන් අවධාරණය කළේය.
“මම ඒ ප්‍රකාශය ඉල්ලා අස් කර ගෙන ඒ ගැන සමාව ඉල්ලුවොත් මදිද සර්...” යනුවෙන් එහිදී විජයකලා මහේෂ්වරන් විමසා සිටිය ද අගමැතිවරයා ඊට එකග නොවීය.
“එහෙනම් එක්සත් ජාතික පක්ෂයෙන් මට විරුද්ධව පවත් වන විනය පරීක්ෂණය නවත්වනවද..? ඊට පසුව ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවාය.
“නැහැ..නැහැ..එහෙම බැහැ. විනය පරීක්ෂණය තියන්න වෙනවා.විනය පරීක්ෂණයේ තීන්දුව අනුව අනිත් දේවල් ගැන බලමු.” යැයි අගමැතිවරයා දැඩිව කියා සිටි විට විජයකලා මහේෂ්වරන් අරලිය ගහ මන්දිරයෙන් පිටව ගියේ නෙතට කඳුළක්ද නංවා ගෙනය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
