රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න ජනපති සූදානම්

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. එම තීරණ විවේචනයට භාජනය වුව ද…
ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
එම තීරණ විවේචනයට භාජනය වුව ද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට හිමි වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෙටි කාලීන අර්බුද ජය ගත් පසු ආර්ථික සහන ලැබෙන නිසා රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බවත් අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳ ගෙන ක්‍රියා කළ යුතු බවත් කියා සිටී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කරුණු අවධාරණය කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිකුරාදා (26) පැවැති "ජනාධිපති අපනයන සම්මාන උළෙල" ට සහභාගී වෙමිනි.අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.
දැන්වීම
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි මෙසේ ද පැවසීය.
"පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර තිබෙනවා. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටි කාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතිනවා.
හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණ ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති කර නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳ පොළ අවස්ථා පවතිනවා. ශ්‍රී ලංකාවේ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳ පොළට අපනයනය කළ හොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රටේ නිර්මාණය කර ගත හැකියි"