රට වෙනුවෙන් ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම්

(සුජිත් මංගල ද සිල්වා) යම් ඉල්ලීමක් කළ හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජයට රට වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබා දීමට තමා සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ…
(සුජිත් මංගල ද සිල්වා)
යම් ඉල්ලීමක් කළ හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජයට රට වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබා දීමට තමා සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දී ඉතා සාධනීය තානාපති මෙහෙවරක් සිදු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූර කාලය අවසන් වීමටත් පෙර හෙට-අනිද්දා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන රජයට සිය පුරන සහය ලබා දීමට තමා සූදානමින් සිටින බව පෙන්වා දෙන මහින්ද සමරසිංහ මහතා ආදරණීය මව්බිමේ යහපත වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා කණ්ඩායමක් ලෙස කටයුතු කළ හොත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ජය ගත නොහැකි කිසිදු අභියෝගයක් නොමැති බව ද අවධාරණය කර සිටියි.