රට වෙනුවෙන් ඔනෑම වගකීමක් ඉටු කිරීමට සූදානම් -කරූ-

දේශපාලනික සහ පෞද්ගලික පටු අරමුණු ඉවත ලනු ජාතික සමගි රජයක් පිහිටු වමු මාතෘභූමියේ-අනාගත දරු පරපුරේ නාමයෙන් සාමකාමීව පෙරට පෙරට එනු උග්‍ර අර්බුදයෙන් රට ගොඩ ගන්නා හැටි කරූ කියයි රට-ජනතාව වෙනුවෙන්…
දේශපාලනික සහ පෞද්ගලික පටු අරමුණු ඉවත ලනු
ජාතික සමගි රජයක් පිහිටු වමු
මාතෘභූමියේ-අනාගත දරු පරපුරේ නාමයෙන් සාමකාමීව පෙරට පෙරට එනු
උග්‍ර අර්බුදයෙන් රට ගොඩ ගන්නා හැටි කරූ කියයි
රට-ජනතාව වෙනුවෙන් පැවරෙන්නා වූ ඕනෑම වගකීමක් බල දේශපාලනික සහ පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව ඉටු කිරීමට තාමත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයත් සහතික වන්නේ යැයි එම ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
රටේ සුබසෙත උදෙසා පෙනී සිටින සියලුම පාර්ශවවලින් විශේෂ ආයාචනයක් කරමින් දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලංකාව රටක් වශයෙන් අද වන විට පසු කරමින් සිටින්නේ නිදහසින් පසු නිර්මාණය වූ අඳුරු වලාවන් රාශියකටම මැදිව වන අතර මේ වාතාවරණය පෙර නොවූ විරූ ත්වයකි.
දැන්වීම
ආර්ථික, සමාජයීය සේම දේශපාලනික වශයෙන් ද ප්‍රශ්න රැසකට මැදි වී සිටින අප අන් සියල්ලටම පෙර මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට නැවත මුදවා ගැනීම සඳහා ගැඹුරු අවධානයක් යොමු කළ යුතුව තිබේ. එම වගකීම කිසිසේත්ම සුමට හෝ සැහැල්ලු කාර්ය භාරයක් නොවන බවද එහිදී අප අවබෝධ කර ගත යුත්තෙමු.
එකී ජාතික වගකීම උදෙසා මේ රටේ සමස්ත ජනතාව සතුව ද ඉතාමත්ම භාර දූර වගකීමක් පැවරී තිබේ. එහි ප්‍රමුඛ සහ වැදගත්ම කාර්යය වන්නේ රට අභ්‍යන්තරයේ සාමය සහ සංහිඳියාව පවත්වා ගැනීමය. එබැවින් අප මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ අප මාතෘභූමියේ සහ මේ රටේ අනාගත දරු පරපුරේ නාමයෙන් සාමකාමීව රට වෙනුවෙන් පෙරට එන ලෙසය.
එමෙන්ම එහිදී මේ රටේ දේශපාලන සහ සිවිල් සමාජ බලවේගයන් හි ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජන සම්මතවාදී මූලධර්ම අනුගමනය කරමින් මේ රටේ ජන ජීවිතය සාමකාමී සහ සාමාන්‍ය තත්ත්වයට නැවත ගෙන ඒමය. දෙවනුව රට අරාජිකත්වයකට පත්වීමේ අවදානමෙන් බැහැර කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුගතව රාජ්‍යයේ පාලන ව්‍යුහය ප්‍රකෘතිමත් කරලීමය. තෙවනුව රටේ ආර්ථිකය යතථා තත්ත්වයට ගෙන ඒම සඳහා වන දුෂ්කර කාර්‍යයට යොමු වීමය.
ඒ සඳහා කටයුතු කරන සෑම පාර්ශවයක්ම අන් සියල්ලටම පෙර මේ රටේ තරුණ පරපුරේ හඬට මැනවින් කන් දෙමින් ඉදිරි පියවර සැළසුම් කළ යුතුව තිබේ. එමෙන්ම රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවළියට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබේ. එමෙන්ම පවත්නා දේශපාලන අරාජිකත්වයෙන් රට මුදවා ගැනීමට නම්, රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය දේශපාලනික ලැදියාවන් තාවකාලිකව හෝ පසෙකලමින් පොදු ජාතික එකඟතාවයකට යොමු විය යුතුව ඇතැයි අප තරයේම විශ්වාස කරන්නෙමු.
එහිදී අප සියල්ලන්ම යොමු විය යුත්තේ ජාතික සමගි රජයක් ගොඩනගා ගැනීම කෙරෙහිය. නිශ්චිත වැඩ පිළිවෙළක් සහ ඒ සඳහා වන ඉතාමත් කෙටි කාල රාමුවක් සහිතව ප්‍රායෝගික පදනමකින් යුතුව ගොඩනගා ගන්නා සර්ව පාක්ෂික රජයක් යටතේ සීමිත සාමාජික සංඛ්‍යාවකින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් මඟින් මේ රටේ නුදුරු අනාගතය හැසිර වීමේ වගකීම අප සතුව ඇති අතර එහිදී එම ක්‍රියාදාමය සාම්ප්‍රදායික විරුද්ධ පක්ෂයකින් සහ සාම්ප්‍රදායික ආණ්ඩු පක්ෂයකින් සමන්විත පාර්ලිමේන්තුවකින් ද තොර විය යුතුය. එහි නිශ්චිත අදහස වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩනගනු ලබන නව ආණ්ඩුව ජාතික සමඟි ආණ්ඩුවක් විය යුතුවන බවය.
එම ආණ්ඩුවේ මූලික අරමුණ රටේ මූලික දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට සහ බිඳ වැටී ඇති සමස්ත ආර්ථිකය අවම වශයෙන් යථා තත්ත්වයට ගෙන එමින් ජන ජීවිතයේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා පියවර ගැනීමය. එම කටයුතු සපුරාලීමෙන් පසු ඉදිරි මාස 12ක් වැනි කාල සීමාවකින් අනතුරුව රටේ ජනතාවට අභිමත නව පාලනයක් බිහි කර ගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමෙන් පසු එම ආණ්ඩුවේ කාර්ය භාරය අවසන් කළ යුතව තිිබේ.
ජාතික වශයෙන් වැදගත් සහ අත්‍යාවශ්‍ය වන්නා වූ එකී කාරණා වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත්ම සත්භාවයෙන් යුතුව සහාය පළ කරන අතර එහිදී රට වෙනුවෙන් අප වෙත පැවරෙන්නා වූ ඕනෑම වගකීමක් බල දේශපාලනික වශයෙන් හෝ පටු අරමුණුවලින් බැහැරව ඉටු කරන බවට සහතික කරන්නෙමු.