රට විරුවෝ යළි ඩොලර් එවති

විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත. 2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එම…
විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත.
2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එම මුදල සැලකිය හැකි ඉහළ යාමක් වන අතර 2021 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 ක මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණි.
2021 වසර පුරාවට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5 ක් මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇත. 2022 වසරේදී එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3789.5ක් දක්වා අඩු වී තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස එම මුදල් ප්‍රමාණය 31% ක අඩු වීමකි.