රට වැටෙනකං බලාගෙන ඉඳලා වැඩක් නෑ - හැමෝම රට හදන්න උනන්දු වෙන්න ඕනේ

විශ්වාස බංගය ගෙනාවොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා..! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඒ පිළිබඳ උනන්දුවක් ඇති කට්ටිය තමයි කතා කරන්නේ..! පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි අක්‍රම පදනම…
විශ්වාස බංගය ගෙනාවොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා..!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඒ පිළිබඳ උනන්දුවක් ඇති කට්ටිය තමයි කතා කරන්නේ..!
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි
අක්‍රම පදනම විසින් පාසල් දරු දැරියන් වෙනුවෙන් පන්සිය දෙනකුට පාසල් පොත් හා උපකරණ ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූූ රවී කරුණානායක මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව පැවසුවේය.
රටේ ආර්ථික තත්ත්වය විටින් විට වෙනස් වෙන බවත් ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි සියලු දෙනා එක්ව කටයුතු කර යුතු බව රවී කරුණානායක මහතා පෙන්වා දෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ විය යුතු බවත් එය ඉක්මනින් සිදු කළ යුතු බව කියා සිටි ඒ මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු ලැබීය.
හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රී, අක‍්‍රම් පදනමේ නිර්මාතෘ, සභාපති මොහොමඩ් අක්රම් මහතාගේ සංකල්පයට අනුව රටට, දැයට බුද්ධිමත් පරපුරක් බිහිකිරීම උදෙසා 33 වන වරටත් කොළඹ දිස්ත්‍රික් දූ-දරුවන් 500 දෙනෙකුට අක්රම් භාරකාර අරමුදල මගින් සිදුකරන සිසු අභිමානි 2026 ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදීපා උත්සව ශාලාවේදී සිදු කෙරුණා