රට වනසන විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කරනු

මාදුළුවාවේ සෝභිත නා හිමියන් පෙන්වා දුන් මඟ අනුව යනු ඒකාධිපති විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පෙරට පැමිණීම සමස්ත ජාතියේම වගකීමක් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර ගැනීමට රජය ක්‍රියා කළ යුතුයි…
මාදුළුවාවේ සෝභිත නා හිමියන් පෙන්වා දුන් මඟ අනුව යනු
ඒකාධිපති විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පෙරට පැමිණීම සමස්ත ජාතියේම වගකීමක්
ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර ගැනීමට රජය ක්‍රියා කළ යුතුයි
කරු ජයසූරිය අවධාරණය කර සිටියි
ඒකාධිපති විධායකයට එරෙහි සටන සාධාරණ සමාජය යළි අරඹයි
මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ පෙන්වා දුන් මඟ අනුව යමින් විධායක ජනාධිපති ක්‍රමය නොපමාව ම අහෝසි කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශන්බන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර ඒ වෙනුවෙන් පෙරට එන්නැයි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශන්බන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දැන්වීම
අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ අපවත් වී වසර 08ක් ගත වන මෙම මොහොතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උන්වහන්සේගේ නාමය ගෞරවයෙන් සිහිපත් කරමින් සමස්ත ජාතියෙන් ම ඉල්ලා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙසටය.
එහිදී අප රජයට අවධාරණය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට ව්‍යවස්ථානුකූල ලෙස පියවර ගන්නා ලෙසටය. ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවේ නම් එකී ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යමින් 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසටය.
විධායක ජනාධිපති ක්‍රමයෙහි අන්තර්ගත අත්තනෝමතික බලතල මඟින් මිලියන විසි දෙකක් වන මේ රටේ ජනතාවගේ ඉරණම එක් පුද්ගල බලාධිකාරයකට යටත් කිරීම කිසිසේත් ම අනුමත නොකළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ සැම විටම අපේක්ෂා කළේ ජනතා පරමාධිපත්‍ය බලය පාර්ලිමේනතුව හරහා ක්‍රියාත්මක කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ ශිෂ්ට සම්පන්න වන බවය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිවරයාට අත්පත් කර දුන් අසීමාන්තික බලයට ද, වඩා 18 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන හරහා එකී බලය තව තවත් අසීමාන්තික ලෙස වර්ධනය කර ගැනීමට ගනු ලැබූ උත්සහයන් සැළකීමේ දී විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යමින් එහි බලය සීමා කරන්නට 17 සහ 19 වැනි සංශෝධන මඟින් ගත් උත්සාහයන් ද ස්ථාවරව පවත්වා ගෙන යාමට නොහැකි බව පැහැදිලිව පෙනී යන කරුණකි.
එබැවින් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් කාලයක් පුරා ලබා දෙමින් සිටින පොරොන්දුව ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වී තිබේ. එමෙන් ම මීට වසර 08කට පෙර අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරිපිට මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයන් දුන් ප්‍රතිඥාව අනුව යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ දක්වා ක්‍රියා නොකිරීම පිළිබඳව ද අපි කණගාටු වන්නේමු. එමෙන් ම එදා එම පියවර ගත්තේ නම් බොහෝ විට අද රට පත්ව තිබෙන ආර්ථික සහ දේශපාලන බංකොලොත්භාවය වළක්වා ගැනීමට ද බොහෝ දුරට ඉඩක් තිබූ බව අපගේ හැඟීමයි.
එබැවින් අප නැවත නැවතත් අවධාරණය කරන්නේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රාර්ථනය ඉටු කිරීම සඳහා කටයුතු කරමින් මේ රටේ අනාගත යහ පැවැත්ම පිළිබඳව අපේක්ෂාවන් දල්වා ගැනීමට කටයුතු කරමින් මේ රටේ ස්ථාපිත විධායක ජනාධිපත් ක්‍රමය අහෝසි කිරීම සඳහා තවදුරටත් පමා කිරීම කිසිසේත් ම නොකළ යුතුව ඇති බවය.