අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රට භාර ගැනීමට සජිත්ට ඉඩ නොදුන් සජබයේ ඊනියා ආර්ථික ඔස්තාර්ලා මෙන්න..!

සජිත් ප්‍රේමදාස

"රට ගොඩනගන්න සජිත්ට විධිමත් සැලැස්මක් තිබුණා"

දැන්වීම

"හර්ෂ කිව්වේ DONT TOUCH කියලා"

සජබ ප්‍රබලයෙක් සියල්ල හෙළි කරයි

(සුජිත් මංගල ද සිල්වා)

එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සහ ලිඛිත ඉල්ලීමට අනුව මුලින් අගමැතිකම භාර ගෙන ඊට පසුව ජනපති වී රට භාර ගැනීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉඩ නොදුන්නේ, එම පක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මහත්වරුන් යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග හෙළිදරව් කර සිටියේය.

අගමැතිකම සහ ජනපතිකම කිසිසේත් භාර නොගන්නා ලෙසත් රටේ ආර්ථිකය මේ අවස්ථාවේ දී කිසිසේත් ගොඩගත නොහැකි බවත් මේ තිදෙනා අතරයේ කියා සිටී අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තරයේ අවධාරණයෙන් යුතුව කියා සිටියේ, "DONT TOUCH" "අල්ලන්නවත් එපා" ලෙස යැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ආරාධනය අනුව අගමැතිකම භාර ගෙන පසුව ජනපති වී රට භාර ගෙන ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වන විටත් සූදානමින් සිටී අතර ඒ සඳහා ඔහුට ඉතා විධිමත් කෙටි කාලීන-මැද කාලීන සහ දිගු කාලීන සැලැස්මක් තිබුණු බව ද සමගි ජන බලවේගයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට සහ එම අභියෝගය භාර නොගෙන බියේ පළා ගිය බවට දේශපාලන ලෝකයේ සහ රටේ පැතිර යන කට කතාවලට කිසිදු පදනමක් නොමැති බව අවධාරණය කළ එම ප්‍රකාශකයා සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන පෞර්ෂයට සිදු වූ හානියට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඍජුව වග කිව යුතු යැයි ද වැඩි දුරටත් කියා සිටියේය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට භාර ගැනීමට සජිත්ට ඉඩ නොදුන් සජබයේ ඊනියා ආර්ථික ඔස්තාර්ලා මෙන්න..! | Lanka Newsweek