අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ගොඩනගන බලවත්ම සන්ධානය හෙට අනිද්දාම එළි දක්වනවා

රට ගොඩනගන බලවත්ම සන්ධානය හෙට අනිද්දාම එළි දක්වනවා

එජාපය හැර ගිය 90%ක් යළි පක්ෂයට හතු පිපෙනවා වගේ බිහි වන සන්ධානවලින් ඵලක් නැහැ රවී කරුණානායක අවධාරණය කරයි රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි…

එජාපය හැර ගිය 90%ක් යළි  පක්ෂයට 

හතු පිපෙනවා වගේ බිහි වන සන්ධානවලින් ඵලක් නැහැ 

රවී කරුණානායක අවධාරණය කරයි 

රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි දක්වන බව හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායක රවී කරුණානායක මහතා  අවධාරණය කර  සිටියි. 

පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් මේ වන විට හතු පිපෙනවා වගේ බිහි වන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි ද, එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින්නේ යැයි ද, රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. 

එළඹෙන ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වා දෙන්නේ යැයි ද කියා සිටින රවී කරුණානායක මහතා එකසත් ජාතික පක්ෂය හැර ගිය අයගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සූදානමින් සිටින්නේ යැයි ද අවධාරණය කර සිටියි. 

දැන්වීම

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි අවස්ථාවේ සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද පෙන්වා දෙයි. 

ඇපකැප වී වැඩ කරමින් ,රට ගොඩනගා, ජනතාව සවි බල ගන්වන දක්ෂයින්ගෙන් යුතු දේශපාලන සන්ධානය නිර්මාණය කරමින් සිටින්නේ යැයි ද, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පාර්ශව සමඟ සන්ධාන ගොඩනගා තේරුමක් නැතැයි ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට ගොඩනගන බලවත්ම සන්ධානය හෙට අනිද්දාම එළි දක්වනවා | Lanka Newsweek