අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ඉල්ලනේ සත්‍ය වෙනුවෙන් සටන් වදින මිනිසුන්ය

රට ඉල්ලනේ සත්‍ය වෙනුවෙන් සටන් වදින මිනිසුන්ය

සත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම අරමුණයි පිය උරුමය දේශපාලන අභාරණයක් නොවේ චෝදනා නැහැ-ණය නැහැ-භය නැහැ (චතුර සේනාරත්න) දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන මම ඔහුගේ දේශපාලන පිටිය සහ නිජබිම වන…

සත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම අරමුණයි 

පිය උරුමය දේශපාලන අභාරණයක් නොවේ 

චෝදනා නැහැ-ණය නැහැ-භය නැහැ 

(චතුර සේනාරත්න)

දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන මම ඔහුගේ දේශපාලන පිටිය සහ නිජබිම වන කළුතර අතහැර ගම්පහට ආවේ පිය උරුමය දේශපාලන ආභරණයක් කර ගත් ඇමති පුතුන්ගේ දේශපාලන සම්ප්‍රදාය බිඳ දමමිනි.

තාත්තාගෙන් දේශපාලනයේ අකුරු ඉගෙන ගත් නමුත් මට අවශ්‍ය වූයේ ඒ දේශපාලන භාෂාව මත මගේම කතාවක් තනියෙන් ලියන්නටය. ඒ නිසා, කිසිඳු සම්බන්ධයක් නොතිබූ ගම්පහට පැමිණ බිංදුවේ සිට තනිව ගොඩ නැගුණු මම දීර්ඝ දේශපාලන අත්දැකීම්වලින් ලද පන්නරයෙන් ගම්පහ මිනිසුන්ගේ විශ්වාසයෙන් මන්ත්‍රීවරයෙක් වුණෙමි.

මට මනාපය ලබා දුන් ඔබගේ ගෞරවය මම ආරක්ෂා කර ඇත්තෙමි. මහජන මුදල් සතයක් හෝ අවභාවිත නොකළෙමි. ඇමති පුතෙකු ලෙස හෝ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස සමාජ ශාලාවල හෝ වෙනත් සල්ලාලකම්වලට කාලය ගත කර නැත.

කොමිස්, පගා, බාර් ලයිසන් ,එතනෝල් ලයිසන්, පස් කැපීම, මත්ද්‍රව්‍ය, වැලි ගොඩදැමීම,බැඳුම්කර වංචාව වැනි දුෂණවලට අදාළ ශ්‍රී ලාංකික දේශපාලනයේ සුලබ චෝදනා එක්කවත් අප වෙත එල්ල කළ නොහැකිය. මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් රට වෙනුවෙන් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ය. ඔබගේ මනාපයෙන් පත් වූ මා යහපාලන රජයේ සිටිමින් පවා එම අරගලය කළ බව කවුරුත් දනිති. ඊට හොඳම උදාහරණය මහ බැංකු සිදුවීමට අදාළව මා කළ සටනය. හෙටත් ඒ සත්‍යය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම මාගේ පරම පැතුමයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට ඉල්ලනේ සත්‍ය වෙනුවෙන් සටන් වදින මිනිසුන්ය | Lanka Newsweek