රට ඇෆ්ගනිස්ථානයක් කරලා..!

සාම්ප්‍රදායික දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ ජනතාවට බලය පැවැරිය යුතුයි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයකට රට ආරාජික කර ඇතැයි අධි නීතිඥ ලාල් විජේනායක මහතා…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ
ජනතාවට බලය පැවැරිය යුතුයි
ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයකට රට ආරාජික කර ඇතැයි අධි නීතිඥ ලාල් විජේනායක මහතා මහතා චෝදනා කර සිටියි.
ජනතාවට බලය පවරා රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන අතර සාම්ප්‍රදායික ක්‍රමයෙන් රට මුහුණ දී සිටින දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයට විසඳුම් නොමැති බව පෙන්වා දෙන අධි නීතීඥ ලාල් විජේනායක මහතා මෙසේ ද කියා සිටියි.
වසර 73ක් පුරා සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල, ජයවර්ධන පවුල සහ වර්තමානයේ රාජපක්ෂ පවුල කිසිම වෙනසක් නැති දේශපාලනයක් රටේ ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ රට මේ වන විට මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයට ඇද දමා තිබෙනවා.
දැන්වීම
නිදහස ලබා ගන්නා විට ජපානයට පමණක් දෙවැනි වෙන තත්ත්වයකයි අපේ රට තිබුණේ. ආර්ථික අතින් බිඳ වට්ටවා මානව හිමිකම් පැත්තෙන් ඉතාමත් ඛේදනීය තත්ත්වයකට රට පත් කර තිබෙනවා. පොලිස් අත්අඩංගුවේ සිටින අය සහ සිරකරුවන් මරා දමමින් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාදවලින් පෙනී යන්නේ මොන තරම් කඩා වැටීමක් සිදුවී තිබෙනවාද යන්නයි.
රටක් ලෙස අප ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගය බිඳ වැටුණු රට ගොඩගන්නේ කොහොමද කියන කාරණයයි. මොන තරම් බිඳ වැටිලාද කියනවා නම් අපේ රටේ උගත් දක්‍ෂ තරුණයින් පිට රට යන්න බලා ගෙන ඉන්නවා. මේ නිසා ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මෙම 20 වැනිදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වැඩ පිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කරන අතර අපගේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය මණ්ඩලයක් ප්‍රකාශයට පත් කරනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් සිදු කරන පළවැනි අවස්ථාව මේ අවස්ථාවයි. ජනතාවට බලය පැවරීම ඔස්සේ රට පවත්වා ගෙන යාමේ වැඩ පිළිවෙළ අප ඉදිරිපත් කරනවා.