අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ආරක්ෂා කරන්න ආ විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදු වෙලා

රට ආරක්ෂා කරන්න ආ විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදු වෙලා

ගෑස්වල වගේම ආණ්ඩුවේත් වෑල් මාරු වෙලා වෑල් මාරු වුණු ජන ඝාතක ආණ්ඩුව පන්නා දැමිය යුතුයි රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂා වීමට සිදුව ඇතැයි ද ජනතාව "හූ" කියන්නේ හේතුවක් ඇතිව යැයි ද විපක්ෂ නායක…

ගෑස්වල වගේම ආණ්ඩුවේත් වෑල් මාරු වෙලා

වෑල් මාරු වුණු ජන ඝාතක ආණ්ඩුව පන්නා දැමිය යුතුයි    

රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂා වීමට සිදුව ඇතැයි ද ජනතාව "හූ" කියන්නේ හේතුවක් ඇතිව යැයි ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම මාධ්‍ය ප්‍රකාශක එස්. එම් මරික්කාර් මහතාගේ කොලොන්නාව ආසනයේ ඡන්ද පොළ නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. 

"රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදු වෙලා. ජනතාව හූ කියන්නේ හේතුවක් ඇතිව. ගෑස් සහ කිරිපිටි පෝලිම් මිනිස්සුන්ට දරා ගන්න බැහැ. සිමෙන්ති මිල ඉහළ දැමීමයි අවුරුදු තෑග්ග. ඒ වගේ තෑගි දෙන කොට මිනිස්සු හූ කියනවා. 

දැන්වීම

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසනවා. ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොවෙයි. ආණ්ඩුවේ වෑල්...ඒ නිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පළවා හැරීමයි. ගෑස්  ඛේදවාචකය ආරම්භ වුණු දිනයේ සිටම මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය හැටියට සමගි ජන බලවේගය රටට හෙලිදරව් කළා. අදාළ විෂයභාර අමාත්‍ය අමාත්‍යවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම එදා ඒ පිළිබඳව උත්තර නොදී පළා ගියා. 

ගෙවල් පුපුරන, කුස්සි ගිනි ගන්න, ජීවිත අහිමි වන බරපතළ ඛේදවාචකයක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂය භාර අමාත්‍යවරුන් දෙදෙනායි. එදා ඔවුන් දෙදෙන බොරු කිව්වා. අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී සිටිනවා. 

ආණ්ඩුවක් පත් වන්නේ ජනතාව ආරක්ෂා කිරීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනතාව නොමරා මරනවා. ඒ අනුව ගත් විට වර්තමාන ආණ්ඩුව ජන ඝාතක ආණ්ඩුවක් බව කිව යුතුයි. ජනතාවගේ දුක කඳුල වේදනාව ආණ්ඩුව මායිම් කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් හරහා මළමිනී මතින් බලයට ආ මේ ආණ්ඩුව කිසිවිටකත් ජනතාවගේ ප්‍රශ්න අබියස සංවේදී වූයේ නැහැ." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට ආරක්ෂා කරන්න ආ විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදු වෙලා | Lanka Newsweek