රටේ බහුතරය සමරිසි අයිතීන් පිළි ගනී

සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු (අශන්ති වරුණසූරිය) සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණු වන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් තිදෙනෙකුම දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු…
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු
(අශන්ති වරුණසූරිය)
සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණු වන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් තිදෙනෙකුම දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
"ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය" මහින් (Westminster Forum for Democracy) ගෙවුණු 2021 වසරේ සම්පූර්ණ කරනු ලැබූ සහ මෑතකදී ප්‍රකාශයට පත් කරනු ලැබූ මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිදු කර තිබේ.
මහ ජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර තලයේ අවශ්‍යතා සපුරාලන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4%ක් ම සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ හිමිකම් වැඩි දියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා ඇත.
දැන්වීම
සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම අවසන් කිරීමට සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව සිදු වන වෙනස් කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.
මීට අවස්ථාවක දී නිකුත් කළ නිවේදනයක් හරහා ජනාධිපතිවරයා තහවුරු කරනු ලැබුවේ, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව තම රජය ප්‍රතික්ෂේප නොකරන අතර ඊට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවය.