අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ පෙරළියක් ඇති කරන්න සියලු දෙනා පෙරට එන්න..!

රටේ පෙරළියක් ඇති කරන්න සියලු දෙනා පෙරට එන්න..!

රටට අවශ්‍ය තීරණාත්මක වෙනස සිදු කිරීම සඳහා එකට ඒකරාශී වන්නැයි සියලු දෙනාටම ආරාධනා කර සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ආචාර්ය හරිනි අමරසූරිය…

රටට අවශ්‍ය තීරණාත්මක වෙනස සිදු කිරීම සඳහා එකට ඒකරාශී වන්නැයි සියලු දෙනාටම ආරාධනා කර සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ ද කියා සිටියි.

අපි මුල ඉඳන්ම ප්‍රමුඛතාවය දුන්නේ විවිධ ජන කොටස් සමග සාකච්ඡා කරමින් රට ඉදිරියට ගෙනයාම පිළිබඳව වැඩ පිළිවෙළක් සකස් කිරීමටයි. පසුගිය අවුරුද්දක කාලය ඇතුළත පැවති තත්ත්වයන් ඉක්මනින් වෙනස් වුණා. මේ කාලයේ දී මිනිස් ජීවිත කොතරම් අසීරු සහ අස්ථාවරද කියන දේ පැහැදිලි වුණා. හඬා වැළපෙමින්, ප්‍රශ්නවලින් මිරිකුණු අසහනයෙන් පෙළෙන මේ සියල්ල කියා ගන්න තැනක් නැති  තත්ත්වයකට ජනතාව පත්වී සිටිනවා. 

දැන්වීම

කොවිඞ් වසංගතය මැද්දේ වුණත් පවතින සීමාවන් අතර අපේ විසඳුම් එක්ක  ජනතාව රට වෙනස් කිරීමේ මාවතකට පෙළ ගස්වන්න අපේ නියෝජිත මහ සමුළුව පවත්වනවා. සාමූහික ප්‍රයත්නයකින් යුත් තීරණාත්මක වෙනසක් අවශ්‍යයි. ආර්ථික ක්‍රියාවලියෙන් වගේම දේශපාලන  ක්‍රියාවලියෙන් මග හැර යන තත්ත්වයකට ජනතාව පත්වී සිටිනවා. මේ නිසා ජනතාව මේ ක්‍රියාවලියට නැවත සහභාගි කර ගැනීම අපේ අරමුණයි. 

ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයක් මේ රටට අවශ්‍යයි. මේ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා  සියලු දෙනාටම ආරධනා කරනවා. අපි අතර වාද විවාද, වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපිට එකඟ වෙන්න සහ එකතු වෙන්න පොදු තැනක් තියෙනවා. ඒ විශ්වාසය මත මේ රටේ ජනතාවට නැවත බලාපොරොත්තුවක් ඇති කිරීමට සහ රට වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය නැවත  ඇති කරන්න මේ සමුළුව පවත්වනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු කර ගන්නා පළමු පියවර මේ මස 20 වැනිදා තබනවා.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටේ පෙරළියක් ඇති කරන්න සියලු දෙනා පෙරට එන්න..! | Lanka Newsweek