රටේ නිල විදේශ සංචිතය වර්ධනය වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලනකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2022 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා 3.5%කින් ඉහළ ගොස් තිබේ. 2022 අගෝස්තු මාසයේ දී එම නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පැවතියේ…
ශ්‍රී ලනකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2022 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා 3.5%කින් ඉහළ ගොස් තිබේ.
2022 අගෝස්තු මාසයේ දී එම නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පැවතියේ අමෙරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙසය.
මෙම නිල විදේශ සංචිත වත්කම් අතරට චීන මහ ජන බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වන අතර එම මුදල භාවිත කළ හැක්කේ කොන්දේසිවලට යටත්වය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1