රටේ නව ජනපති ලෙස රනිල් ඔක්තෝබර් 14 වැනිදා දිවුරනවා

ජනපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ හරීන් ප්‍රනාන්දු හෙළි කරයි 2024 ඔක්තෝබර් මස පළමු සතියේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර රටේ නව ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 14…
ජනපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ
හරීන් ප්‍රනාන්දු හෙළි කරයි
2024 ඔක්තෝබර් මස පළමු සතියේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර රටේ නව ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 14 වැනිදා දිවුරුම් දෙන බව ඉඩම්, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි.
අසාධ්‍ය තත්ත්වයෙන් මාරාන්තිකව සිටින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා කවුරුන් අකමැති වුව ද අකමැත්තෙන් වුවත් ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක වතාවක් හෝ ජනාධිපති කරවීම සඳහා රටේ ජනතාවට වගකීමක් පැවරෙන බව ද කියා සිටියි.
මේ දිනවල ජනතාව තිත්ත බෙහෙත් බිව්වද, දැඩි සත්කාරයේ සිටී රෝගියා වාට්ටුවට ගෙන විත් තිබෙන්නේ යැයි ද, එම රෝගියා නැවත දැඩි සත්කාර ඒකකයට යවනවා ද, නැද්ද යන්න පිළිබඳව තීරණය කළ යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් රටේ මැතිවරණවලින් 3%ක් පමණක් ලබා ගත් ගත් කණ්ඩායම් ජනපතිවරණය ජය ගැනීම සඳහා තවත් 47% ක් සොයා ගැනීම සිහිනයක් බවත් එම සිහින කිසිදු දිනක සැබෑ නොවන බවත් හරීන් ප්‍රනන්දු මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.