අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 57 ට නැගලා

රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 57 ට නැගලා

-ලෝක බැංකුව කියයි- ශ්‍රී ලාංකීය ජනතාවගෙන් පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධික පිරිසක් උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව මගින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ තරම් පිරිසක්…

-ලෝක බැංකුව කියයි-

ශ්‍රී ලාංකීය ජනතාවගෙන් පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධික පිරිසක් උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව මගින් නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවක සඳහන් වේ.  

මේ තරම් පිරිසක් දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමි වීම සහ  ආදායම් කඩා වැටීම යනාදී හේතූන් නිසා බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි. 

ලෝක බැංකුව මගින් ශ්‍රී ලාංකේය ජනතාව සම්බන්ධයෙන් මේ කරුණු අනාවරණය කර ගෙන තිබෙන්නේ, පහළ මධ්‍යම පංතික අඩු ආදායම් ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඇමරිකානු ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදීය. 

දැන්වීම

මේ අතර මේ 2024 වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද, 2025 වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩු විය හැකි බව ද ලෝක බැංකුව පුරෝකථනය කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවේ සහ එම ජනතාවගේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න