අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ දරුණු සාගතයක් ඇති වීමේ අනතුරක්..?

රටේ දරුණු සාගතයක් ඇති වීමේ අනතුරක්..?

ජනපති හදන්නේ නොදන්නා අණ්ඩර දෙමළයට ගොස් වරිගය නසා ගැනීමටයි රසායනික පොහොරවලින් මුළුමනින්ම බැහැර වීමේ තීරණය හකුළා ගනු කිසිම පදනමකින්-සැලසුමකින් තොරව කාබනික කෘෂිකර්මයට යනු බැහැ ඒ සඳහා අවම වශයෙන් අවුරුදු…

ජනපති හදන්නේ නොදන්නා අණ්ඩර දෙමළයට ගොස් වරිගය නසා ගැනීමටයි 

රසායනික පොහොරවලින් මුළුමනින්ම බැහැර වීමේ තීරණය හකුළා ගනු 

කිසිම පදනමකින්-සැලසුමකින් තොරව කාබනික කෘෂිකර්මයට යනු බැහැ 

ඒ සඳහා අවම වශයෙන් අවුරුදු 20ක ක්‍රමික විකාශනයක් ඕනෑ 

▶ වීඩියෝව නරඹන්න

රසායනික පොහොර සහ පළිබෝධ නාශකවලින් මුළුමනින්ම බැහැර වී කිසිම පදනමකින්, විධිමත් සැලසුමකින් සහ වැඩ පිළිවෙළකින් තොරව හිතුවක්කාරී ලෙස කාබනික පොහොර වෙත මාරු වෙමින් කාබනික කෘෂිකර්මාන්තය වෙත අවතීරණය වීමෙන් සිදු වන්නේ වී, එළවලු සහ පළතුරු අස්වැන්න ශීඝ්‍ර ලෙස අඩු වී අහාර හිඟයක් උද්ගත වී රටේ දරුණු සාගතයක් ද ඇති වීම යැයි සමගි ගොවි පෙරමුණේ මහා ලේකම් හේමකුමාර නානායක්කාර මහතා අනතුරු අඟවා සිටියි.  

මේ අනුව ජාතික ආහාර සුරක්ෂිතතාවය දැඩි අනතුරකට, අභියෝගයකට සහ අර්බුදයකට මුහුණ දී සිටින බව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිකුරාදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් පැහැදිලි කළ හේමකුමාර නානායක්කාර මහතා එම නිසා මේ අතිශය භයානක තීරණය වහාම හකුළා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පැවැසීය.

මෙම අතිශය භයානක, අමනෝඥ සහ මරි මෝඩ තීරණය ගත හොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජයට මුහුණ දීමට සිදු වන්නේ නොදන්නා අණ්ඩර දෙමළයට ගොස් වරිගය නසා ගත්තා වැනි තත්ත්වයකට යැයි ද වැඩි දුරටත් අනතුරු අඟවා සිටියේය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න