අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ අර්බුදයට වහාම විසඳුම් ඉදිරිපත් කරනු

රටේ අර්බුදයට වහාම විසඳුම් ඉදිරිපත් කරනු

ජනතා මර්දනය නවතනු වහාම ජනතාවට සවන් දී ඒ ඉල්ලීම් ඉටු කරනු මේ ආණ්ඩුවට සැලසුමක් නැහැ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැවැන්ත දේශපාලන, ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක එකී ගැටලු විසඳීම සඳහා…

ජනතා මර්දනය නවතනු 

වහාම ජනතාවට සවන් දී ඒ ඉල්ලීම් ඉටු කරනු 

 මේ ආණ්ඩුවට සැලසුමක් නැහැ  
 

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැවැන්ත දේශපාලන, ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක එකී ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වාම පැහැදිලි වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් නොකිරීම පිළිබඳව සමස්ත සමාජයම දැඩි අවධානයක් යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැවැන්ත දේශපාලන, ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක එකී ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වාම පැහැදිලි වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් නොකිරීම පිළිබඳව සමස්ත සමාජයම දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. 

දැන්වීම

ඉතා පැහැදිලිවම මේ තත්ත්වය සැලකිය හැක්කේ ජන වරමකින් සහ රාජ්‍යයේ පැවැත්ම උදෙසා දිවුරුම් ලබා දෙමින් බලය ලබා ගෙන ඇති ආණ්ඩුවක් සිය වගකීම් පැහැර හැර ඇති  ආකාරයක් ලෙසටය. 

අද වන විට රටේ සමස්ත ජනතාව සේම පොදු සමාජය නියෝජනය කරන බොහෝ වග කිව යුතු සංවිධාන රට ඇද වැටී ඇති බැරෑරුම් තත්ත්වය පිළිබඳව බලවත් අවධානයක් යොමු කරමින් පවතී. එහිදී රටේ ජනතාව සේම එකී සමස්ත සංවිධාන සිය බලවත් විරෝධය පළ කරමින් සිටින්නේ වර්තමාන ආණ්ඩුවටය. 

එහෙත් රාජ්‍ය පාලනයේ බැරෑරුම් වගකීම භාර ගෙන සිටින වත්මන් පාලනය ඒ පිළිබඳව පෙන්වමින් සිටින වගකීම් විරහිත ස්වභාවය මත ශ්‍රී ලංකා ජන රජයේ පැවැත්මට සේම රටේ ජනතාවට බලපාන එකී ගැටලු තව තවත් බරපතළ වන ආකාරයක් දැක ගත හැකිව තිබේ. මේ වාතාවරණය සමස්ත රටටත් මුළු මහත් සමාජයටත් බෙහෙවින් අන්තරායකාරී තත්ත්වයකි.

මෙවන් පසුබිමක රජය උත්සාහ දරමින්  සිටින්නේ සාමාන්‍ය ජනතාව නඟමින් සිටින විරෝධය පමණක් නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ හඬ ද යටපත් කරමින් මර්දනය කිරීම මගින් සියලු ප්‍රශ්න යටපත් කරන්නටය. මේ රටේ තරුණ ප්‍රජාව නගන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා පිළි ගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව යමින් අන්තරාදායක මර උගුල් ප්‍රසිද්ධියේම ඇටවීම දක්වා එම තත්ත්වය මේ වන විට වර්ධනය කර තිබේ. එම තත්ත්වය ඉතාමත්ම පිළිකුල් සහගත අතිශය අමනෝඥ සහ බියකරු පිළිවෙතකි.

එබැවින්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ මොහොතේ සමස්ත ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවේ සියලුම වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අන් සියල්ලටම පෙර මේ රටේ ජනතා මතයට හොඳින් සහ නිවැරදි ලෙස සවන් දෙන ලෙසය. 

එමෙන්ම පවත්නා දැවැන්ත ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගනිමින් ජනතාව ඉල්ලා සිටින දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉටු කර ගැනීම සඳහා රටේ පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍ය සහය නොපමාව ලබා දෙන ලෙසය. බලය අසීමාන්තික ලෙස යොදා ගනිමින් ජන මතය පාගා දැමීමට කිසිදු ක්‍රියා මාර්ගයකට නොපිවිසෙන ලෙසය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රටේ අර්බුදයට වහාම විසඳුම් ඉදිරිපත් කරනු | Lanka Newsweek