අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..!

රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..!

ACCORDING to MATTHEW චන්ද්‍රන් රත්නම් සිනමා නිර්මාණයක් නොවැම්බර් 15, 2018 අද උසාවියේ මහත් කලබලයකි. වෙනදාට වඩා ජනකායක් උසාවි භුමියේ සිටින්නේ කෙනෙකු බලාපොරොත්තුවෙනි. ඒ මැතිව් පීරිස් පියනමය. මහත්…

ACCORDING to MATTHEW

චන්ද්‍රන් රත්නම් සිනමා නිර්මාණයක්

නොවැම්බර් 15, 2018

රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..!අද උසාවියේ මහත් කලබලයකි. වෙනදාට වඩා ජනකායක් උසාවි භුමියේ සිටින්නේ කෙනෙකු බලාපොරොත්තුවෙනි. ඒ මැතිව් පීරිස් පියනමය. මහත් ආන්දෝලනාත්මක සිදුවීමක ඔහු විත්තිකරුවාය. බන්ධනාගාර නිලධාරීන් සමඟ රියෙන් බසින මැතිව් පීරිස්ගේ හැඟීම් විරහිත මුහුණෙන් කිසිවක් කියවිය නොහැක.

සමහරෙකු ශාප කරන්නේ පියතුමාගේ පරම්පරාවටය. සුළු වේලාවක් ගත විය. මැතිව් පීරිස් පියතුමා කැටුව පොලිස් නිලධාරීන් උසාවි භූමියෙන් පිටතට එනු පෙනිණ. පියතුමා සමඟ ඒ අපරාධයට හවුල් වූ ඩැෆ්නි ද එතැන සිටියාය. ඇය ජනකාය දැක මුහුණ පහතට හෙළුවේ ලැජ්ජාව දරාගත නොහැකි තැනය.

මැතිව් පීරිස් පියතුමා ගමන මොහොතක් නතර කළේය. එතුමාණන්ට පෙර දවස් කිහිපය සිහි විය. කාන්තාවක වෙනුවෙන් පියතුමා විසින් දෙදෙනකු ඝාතනය කළ අන්දම පෙනෙන්නට පටන් ගත්තේය.

ACCORDING to MATTHEW  සිනමාපටය එතැන් පටන් ඇරැඹෙන්නේ මැතිව් පීරිස් පියතුමාගේ ජීවිත කතාවේ පැතිකඩක් විවර කරමිනි. හැත්තෑව දශකයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් මෙලෙස සිනමාවට නැඟේ.

ද්වි පුද්ගල ඝාතනයකි. එය සිදු කරනු ලැබූවේ මැතිව් පීරිස් පියතුමා සහ තවත් කාන්තාවකි. එකල මේ සිදුවීම මහත් කැලඹිල්ලකි.

එම කතා පුවත රැගෙන සම්මානනීය අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් තිරයට ගෙන එන්නේ ACCORDING to MATTHEW  ලෙස නම තබමිනි.

සුප්‍රසිද්ධ පොප් ගායකයකු වන ඇල්ස්ටන් කොච් මෙහි මැතිව් පීරිස් පියතුමාගේ චරිතයට පණ පොවනු ලබයි. ශ්‍රී ලංාකික, බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් මෙහි ඩැෆ්නි ලෙස චරිත නිරූපණය කරයි.

  රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..! රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..! රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..! රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..! රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..!  

"ACCORDING to MATTHEW" සිනමාපටයේ සෙසු චරිතයන් රඟපාන නළු නිළියෝ

බිම්සරා ප්‍රේමරත්න, කියැන් ඕ ග්‍රේඩ්, රයන් විජේරත්න, ජැවිත් ලුඩිවෙක්

කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ

අංග රචනය - නාරද තොටගමුව

කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

සංගීත අධ්‍යක්ෂණය - මොරිස් ගෙයිස්

ඇඳුම් නිර්මාණය - ශ්‍යාමිලා ෆොන්සේකා

රේඛීය නිෂ්පාදනය - ශෂිකලා ගමගේ, ක්‍රිෂාන්ත ගුණසේකර

නිෂ්පාදන කළමනාකරණය - චන්දිමාල් කොඩිතුවක්කු

නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න

▶ වීඩියෝව නරඹන්න

(සරසවිය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටම කැළඹූ පුවතක්-මහත් ආන්දෝලනයක්..! | Lanka Newsweek