අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටට අවශ්‍ය වන්නේ ජාතීන් එකතු කරන ව්‍යවස්ථාවක්

රටට අවශ්‍ය වන්නේ ජාතීන් එකතු කරන ව්‍යවස්ථාවක්

ජාති සහ අගම භේද ඇති කරන ව්‍යවස්ථාවලින් රට විනාශ වෙනවා රට බේරා ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) රටට අවශ්‍ය වන්නේ සියලු ජාතීන් සහ ආගමිකයින් එකට එකතු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…

ජාති සහ අගම භේද ඇති කරන ව්‍යවස්ථාවලින් රට විනාශ වෙනවා 

රට බේරා ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි 

(සුජිත් මංගල ද සිල්වා)

රටට අවශ්‍ය වන්නේ සියලු ජාතීන් සහ ආගමිකයින් එකට එකතු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විනා ජාති සහ ආගම් භේද ඇති කරන ව්‍යවස්ථාවක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඊට අවශ්‍ය අඩිතාලම යොදමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ඇතුළු ජන සමාජයේ සියලු පාර්ශවයන්ගේ අදහස් සහ යෝජනා කැටි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් මේ වන විටත් සමාජ ගත කර තිබෙන බව ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් නොවන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කටයුතු කරන්නේ රටේ දේශපාලන, ආගමික ජාතික, සමාජීය සහ සංස්කෘතික සමගිය ඇති කිරීමට සේම රටට ගැලපපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා වන බව ද දේශබන්දු කරු ජයසූරිය මහතා කියා සිටියි.

ඒ අනුව රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රට බේරා ගැනීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව ඉදිරියට පැමිණිය යුතු කාලය එළැඹ ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටට අවශ්‍ය වන්නේ ජාතීන් එකතු කරන ව්‍යවස්ථාවක් | Lanka Newsweek