අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන්

රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන්

- විපක්ෂ නායක - තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයකු ලෙස දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, චෛත්‍යරාජායාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බවත් අප රටට…

- විපක්ෂ නායක -  

තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයකු ලෙස  දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, චෛත්‍යරාජායාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බවත් අප රටට අවශ්‍ය ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවන බවත් බොහෝ අය දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීමට ආගම යොදා ගන්නා බවත් බුදුසසුනට අවශ්‍ය එවැනි බෞද්ධකමක් නොව ආගම දහම සුරක්ෂා කරන බෞද්ධයන් බවත් කැමරාවට, සමාජ මාධ්‍යයට පමණක් සීමා වූ බෞද්ධකමකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ මහා විහාරයේ පැවැති සර්වඥ ධාතු ප්‍රදර්ශන හා එක්වෙමිනි. මෙම සර්වඥ ධාතු වන්දනාවට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පඩවිගම ශ්‍රී විජේවර්ධනාරාම විහාරයට පැමිණ එහි නායක ස්වාමීන් වහන්සේ වන රත්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ ද වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කරන ලදි.

සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ පවා සඳහන් බවත් බුද්ධශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කර සම්බුදු සසුන ප්‍රවර්ධනය කරමින් ආගම දහම ආරක්ෂා කර ගත යුතු බවත් ඊට අමතරව අප රට තුළ සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා වන ආකාරයට ද මේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ලක්ෂ 220 එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකරයා පැවැසීය.

පසුගිය වසර 7 තුළ ඛේදවාචක 5කට මුහුණු දුන් අප දැන් එල්නීනො ලානීනා තත්ත්වය තුළ බරපතල දේශගුණික කාලගුණික විපර්යාස සිදුවිය හැකි බවත් පසුගිය දිනක නේපාලයේ සිදුවූ දේ හොදම උදාහරණය බවත් තවමත් හිමි වූ ජීවිත ප්‍රමාණය නොදන්නා බවත් මේ එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ අප ර‌ටේ  ද වියළි කාලගුණයත් ගංවතුර තත්ත්වය ඇතුළු නායයෑම් සමඟ ගැටලු රැසකට මුහුණ දිය හැකි බවත් එම නිසා මේ දේවල් ගැන හොඳ අධ්‍යාපනයක් ලබා ගෙන දැනුමක් ලබා ගෙන මේ තත්ත්වයෙන් අප රට සුරක්ෂිත කර ගත යුත්තේ කෙසේද කියා සිතිය යුතු බවත් දැන් රටේ එක් පැත්තක නියගයක් ඇති ව තිබෙන බවත් එය වගාහානි සේම ආහාර සුරක්ෂිතභාවය යන ගැටලුව ද අලි මිනිස් ගැටුම ආදී ප්‍රශ්න රැසක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න