අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටට අවශ්‍ය ඡන්ද නොව ජනතා ප්‍රශ්න විසඳන ක්‍රමයක්

රටට අවශ්‍ය ඡන්ද නොව ජනතා ප්‍රශ්න විසඳන ක්‍රමයක්

වෙනසක් ඇති කිරීමට ගොස් ජනතාවට අත් වූ ඉරණම ඛේදනීයයි ජනතාවට රටයි බඩයි දෙකම නැති වුණා රට වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුයි මේ මොහොතේ රට අවශ්‍ය වන්නේ වන්නේ ඡන්ද නොව සියලු දෙනාම එකට එකතු වී සාකච්ඡා කර…

වෙනසක් ඇති කිරීමට ගොස් ජනතාවට අත් වූ ඉරණම ඛේදනීයයි 

ජනතාවට රටයි බඩයි දෙකම නැති වුණා 

රට වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුයි 

මේ මොහොතේ රට අවශ්‍ය වන්නේ වන්නේ ඡන්ද නොව සියලු දෙනාම එකට එකතු වී සාකච්ඡා කර රටේ සහ ජනතාවගේ ප්‍රශ්න විසඳීම යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටී රවී කරුණානායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

මේ මොහොතේ රට අවශ්‍ය වන්නේ වන්නේ ඡන්ද නොව සියලු දෙනාම එකට එකතු වී සාකච්ඡා කර රටේ සහ ජනතාවගේ ප්‍රශ්න විසඳීමයි. ජනතාව සිටින්නේ විශාල පීඩනයකින් බව කිව යුතුයි. එම නිසා සියලු දෙනාම සිය පෞද්ගලික සහ දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ජනතාවගේ ඒ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් එකට එක් විය යුතුයි.

දැන්වීම

ඒ ඒ මැතිවරණවලදී දේශපාලන පක්ෂ සහ නායකයින් සිදු කළ බොරුවලට වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ රටට සහ අහිංසක ජනතාවටයි. වෙනසක් ඇති කිරීමට ගොස් රටට-ජනතාවට අත්ව ඇති ඉරණම මේ වන විට හොඳින්ම පැහැදිලි වී තිබෙන අතර එම නිසා දැන්වත් මේ බොරුව නතර කළ යුතුයි.

යහ පාලන ආණ්ඩුව යටතේ අප ගෑස් සිලින්ඩරයක් ජනතාවට ලබා දුන්නේ රුපියල් 1,200 ට වන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් ද විශාල ලෙස අඩු කළා. රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. නමුත් අපේ මිනිස්සු ඒ ලැබෙන සහන එපා කියා වෙනසක් ඇති කිරීමට යැයි කියමින් අපට විරුද්ධ වුණා. ජනතාව එදා ඒ ගත්ත වැරදි තීරණයේ ප්‍රතිඵල අද සියලු දෙනාම බුක්ති විඳිනවා. එදා අප පෙට්‍රල් ලීටරය රුපියල් 122 ට ලබා දෙන විට තව අඩු කරන්න නොහැකි මන්දැයි ප්‍රශ්න කළ මිනිස්සු අද පෙට්‍රල් ලීටරය රුපියල් 450 ට මිල දී ගන්නා විට වචනයක්වත් කතා කරන්නේ නැහැ.

මේ රට ගොඩ ගන්න අපට හැකියාව තිබෙනවා. ඇත්තටම අපි ඉන්නේ මේ රට හදන්න තමයි. නමුත් විරුද්ධවාදීන් අපට බොරු චෝදනා එල්ල කරනවා. මිනිස්සු ඒ බොරු චෝදනා පිළි ගන්නවා. අවසානයේ අසරණ වන්නේ ජනතාව සහ රටයි. අලුත් දේ අත්හදා බලන්න ගොස් හොඳට තිබුන රට නැති වුණා. බඩට වඩා උඩින් රට තිබිය යුතු යැයි කියා මිනිස්සු අපට එරෙහිව ඇති කළ වෙනස හේතුවෙන් රටයි බඩයි දෙකම නැති වුණා. ඇත්ත කියන අයට මේ රටේ ඉඩක් නැහැ. ඇත්ත කිව්වොත් පහර දෙනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රටට අවශ්‍ය ඡන්ද නොව ජනතා ප්‍රශ්න විසඳන ක්‍රමයක් | Lanka Newsweek