අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රජය රටේ දේශපාලන නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටිනවා

- විපක්ෂ නායක චෝදනා කරයි -

සජිත් ප්‍රේමදාස

පොදුවේ අප රටේ දේශපාලන නිදහසට වත්මන් රජයේ ප්‍රතිපත්ති නිසා මරු පහරක් එල්ල වන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගුණාංග අමු අමුවේ උල්ලංඝනය වන යුගයක් රටේ ඇති බවත් පාර්ලිමේන්තුවේ රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කරන විට විපක්ෂයේ කටවල් වහන මයික්‍රෆෝන් විසන්ධි කරන ඒකාධිපති ආඥාදායක යුගයක් රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ලාෆ් ගෑස් මිල වැඩි වීම ගැන ප්‍රශ්න කරන විට එවැනි ප්‍රශ්න අහන්න රීතිවලින් ඉඩක් නොමැති බවට පවසා ඒ අවස්ථාව නොදුන් බවත් එදා ඒ සියල්ල අමතක කර සමගි ජන බලවේගය නැගූ හඩ නිසා අද ගෑස් මිල වැඩි වීම අඩු කර ඇති බවත් එදා විපක්ෂය හඩ නැගුවේ නැත්නම් අදටත් ගෑස් මිල අඩු නොවන බවත් මේ රජයට ලොකු හිසරදයක් වී ඇත්තේ රටේ විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය වෘත්තීය සමිති නායකයන් දඩයම් කරනවා

අද වන විට රටේ ජනතාවට එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න නොහැකි වී ඇති බවත් කර්මාන්ත පද්ධතිය කඩා වැටී රැකියා නැති වී ඇති මොහොතක ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය පවා කඩන් වැටෙන බවත් රජයේ ක්‍රියාකාරකම් නිසා වෘත්තීය සමිති නායකයන් කම්කරු දඩයම් කරමින් කම්කරු ව්‍යාපාරය පවා කඩා දමන බවත් කම්කරු ජනතාව මහපාරට බහින එක වළක්වා ගන්න කම්කරු මර්දනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් රජය කුමන මර්දනයක් ක්‍රියාත්මක කළත් ලක්ෂ 220ක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙළ ගැසෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රටේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය හා නීතියේ ආධිපත්‍ය තුළින් ආනන්ද පාලිත මහතාට යුක්තිය සාධාරණත්වය ඉටුවන බවට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජය රටේ දේශපාලන නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටිනවා | Lanka Newsweek