අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජය කරන්නේ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති කුණු කූඩයට විසි කිරීමයි

- ඔස්ට්‍රේලියානු මහකොමසාරිවරයා හමුවේ විපක්ෂ නායක පෙන්වා දෙයි -

සජිත් ප්‍රේමදාස

(සංජනා ද සිල්වා)

අඛණ්ඩ, ගුණාත්මකභාවයෙන් ඉහළ, අඩුම ඒකක මිල කේන්ද්‍ර කර ගෙන ඉදිරියට යන විදුලි ජනන ප්‍රතිත්තියක රටට අත්‍යාවශ්‍ය බවට සියලු දෙනා පිළිගන්නා බවත් එය සිදු කළ හැක්කේ පුර්ජනනීය බලශක්තියෙන් බවත් 2023 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය කේන්ද්‍ර කර ගත් සිරස්තල නිර්මාණය වුවත් බලයක් නොමැති කාලයේ සටන් පාඨ නිර්මාණය වුවත් ආණ්ඩු බලය ලබා ගත් පසු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කුණු කූඩයට විසි කිරීමේ වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජය විසින් සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විනාශ කිරීමේ අරමුණින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන් මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතා දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අවසානයේ අදහස් පළ කරමිනි.

2016 වසරේ දී සූර්ය බලශක්තිය සුනිත්‍ය බලශක්ති මහා සංග්‍රමයක් තුළින් ව්‍යවසායකයන් දහස් ගණනින් නිර්මාණය කරමින් වෘත්තීය කුසලතා ඇති ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන්, ස්වයං රැකියා හා ව්‍යවසායකයන් ලෙස සූර්ය බලශක්ති නිෂ්පාදන කර්මාන්තයේ නියැලුණත් අද ක්‍රමික ව සූර්ය බලශක්තිය මත පදනම් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කරමින් යන බවත් ධන බලය, ගජමිතුරු සම්බන්ධතා, දේශපාලන සම්බන්ධතා නොමැති මේ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ව්‍යවසායකත්වය මොට කරන, අඩපණ කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය තාප බලාගාර මාෆියාවට යට වෙලා

මාසිකව රු. බි. 25කට වඩා රටට ඉතිරි කර මෙගවොට් 2500ක් පමණ පද්ධතියට එකතු කරන මේ අය වෙනුවෙන් දශලක්ෂයක් වහල මත සූර්ය බල පද්ධති ඉලක්කය කරා යන්න රටක් ලෙස නොහැකි ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් දැනටත් ඇත්තේ වහල මත සවිකරන ලද සූර්ය බල පද්ධති 150000ක් බවත් මේ සඳහා අප සතුව ස්වාභාවක සම්පත්, සූර්ය බලය, ජලසම්පත හා සුළං බලය තිබියදී කෝටි ප්‍රකෝටි ගණන් අසාර්ථක කම්බයින්ඩ පවර් ප්ලාන්ට්වල ආයෝජන කරන බවත් යුගදනවි, සහස්දනවි සොබාදනවි යන ව්‍යාපෘති තුළි එකතු LNG ඒකකයක් නිෂ්පාදනය නොකර බොරු මිලවල් දමමින් මේ බොරු නිවැරදි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම කියන විට එය නොසලකා හැර රජය තාන බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාව ශක්තිමත් කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජය අනුගමනය කරන්නේ ජනතාවාදී න්‍යාය පත්‍රයක් ද තාප බලාගාර මාෆියාවේ න්‍යාය පත්‍රයද

රජය තාප හා ඉන්ධන බලාගාර මාෆියාවේ ඩොලර්වලට රුපියල්වලට යට වී ඇති බව පෙනෙන්නට ඇති බවත් පුනර්ජනනීය බලශක්තිය, සූර්ය බලශක්ති ඒකකයක් මත තිබූ රු. 37ක මුදල රු. 27ටත් දැන් රු. 20ටත් අඩු කර ඇති බවත් නෙට් ප්ලස් ක්‍රමවේදය තුළින සුර්ය බලශක්ති ව්‍යවසායකයන් එම ආයෝජනයෙන් ඉවත් වන තැනට පරිසරය නිර්මාණය කරන්නේ තාප බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාවේ න්‍යාය පත්‍රය රජය අනුගමනය කරමින්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන ඔ්නෑම වැඩපිළිවෙළකට අපිත් සහයෝගය ලබා දෙනවා

ඔස්ට්‍රේලියාවේ පුනර්ජනනීය බලශක්තියට මුල් තැන දී ඇති නිසා රටක් ලෙස අපත් ඔස්ට්‍රේලියාවෙන් නෝර්වේ වැනි රටවලින් පාඩම් ඉගෙන ගෙන බංකොලොත් අප රටේ පුනර්ජනනීය බලශක්තිය හා සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න මැළි නොවිය යුතු බවත් හෝර්මූස්, බාබ්අල් මන්දාප් සමුද්‍ර සන්ධි ආශ්‍රිතව යුද්ධමය තත්ත්වය තුළ ඉන්ධන බලාගාර හා තාප බලාගාර ශක්තිය රටේ වර්තමානයට හා අනාගතයට අහිතකර බවත් එබැවින් අඛණ්ඩ අඩුම වියදමක් යන පුනර්ජනනීය බලශක්තිය සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය වෙනුවෙන් සමගි ජන බලවේගය ද උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රජය කරන්නේ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති කුණු කූඩයට විසි කිරීමයි | Lanka Newsweek