අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ආරම්භ කරන ලද වැඩ වර්ජනයට - ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව - සහාය පළ කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ආරම්භ කරන ලද වැඩ වර්ජනයට - ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව - සහාය පළ කරයි

පුවත්පත් නිවේදනය වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද දින ආරම්භ කරන ලද වැඩ වර්ජනයට ‘ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව’ සහාය පළ කරයි. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ…

පුවත්පත් නිවේදනය 


වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම


රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද දින ආරම්භ කරන ලද වැඩ වර්ජනයට ‘ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව’ සහාය පළ කරයි. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියළු වෘත්තීය සමිති, දෙපාර්තමේන්තු හා ‍රෝහල් ප්‍රධානීන් සමඟ සාකච්ඡා අරඹමින් වහා සෞඛ්‍ය ප්‍රශ්ණ විසඳීම උදෙසා පියවර ගන්නා ලෙස ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව රජයට බලකර සිටී. 

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බරපතල ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අසමත්ව ඇත. ඖෂධ හිඟය, උපකරණ හිඟය, රෝහල් පහසුකම් සපයාදීමට රජය වෙත සිදුකළ ඉල්ලීම් රැසකි. ‍වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා පැවැත්වීම හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇහුම්කම්දිමක් හෝ අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදු නොවේ. 

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අංශ මට්ටමින් සිදුවන මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්යක් ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විමර්ශන නිලධාරීන් අසමත්වී ඇත.  සිවිල්, දේශපාලන හා බලපෑම් කණ්ඩායම් විසින් විමර්ශන අංශ වෙත සිදු කරනු ලැබූ කිසිදු පැමිණිල්ලක විමර්ශනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් දැකිය නොහැකිය. වංචා දුෂණ පිළිබඳ හෙළිදරව් කරනු ලැබූ නිලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය මර්ධනය දියත් කර ඇත. 

දැන්වීම

රටේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳීම වෙනුවට ‍අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළ පොත් අලෙවිකරුවෙකු ලෙස විහිළු සහගත භූමිකාවක නිරත වෙමින් ඇත. විධායක මට්ටමින් අමාත්‍යාංශය මෙහෙයවා ගැනීමට අසමත් වන අතරම, පරිපාලන වශයෙන් අමාත්‍යාංශයේ බොහෝ අංශ ක්‍රමිකව නමුත් ස්ථීර ලෙසම බිඳවැටෙමින් ඇත. 

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දැවෙන ප්‍රශ්න විසඳීමට රජය විධිමත් හා වගකීම් සහිත ආකාරයේ ප්‍රවේෂයක් ලබාගත යුතුව ඇත. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බිඳ වැටීම සමස්ත රට වැසියාගේ ජීවිත හා බැදී පවතින්නකි.  වර්ජකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ අවලාද අපවාද නැගීම තුලින් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ මේ වන විට වර්ධනය වෙමින් ඇති වියවුල නිරාකරණය නොවේ. 

අද දින ආරම්භ වූ වැඩ වර්ජනයට ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ පූර්ණ සහාය පළ කරන අතර, අවලාද අපහාස වෙනුවට ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියළු වෘත්තීය සමිති සමඟ එලදායී සාකච්ඡා ඇරඹිය යුතු බවට බලකර සිටී. 

සම්බන්ධීකරණය - ඉන්දික දොඩංගොඩ

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ආරම්භ කරන ලද වැඩ වර්ජනයට - ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව - සහාය පළ කරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ආරම්භ කරන ලද වැඩ වර්ජනයට - ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව - සහාය පළ කරයි | Lanka Newsweek