අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ ඉඩම් අක්කර 56000ක් කොල්ල කාලා

රජයේ ඉඩම් අක්කර 56000ක් කොල්ල කාලා

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා පිහිටි ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා පිහිටි ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදීය. 

එසේම රජය නිථ්‍යානුකූලව පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවට ද එම කාරක සභාවේදී තොරතුරු හෙළි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී වලේබොඩ මහතා පැවසීය.

දැන්වීම

ඒ අනුව වතු සමාගම් මෙසේ බලහත්කාරයෙන් භුක්ති විඳින ඉඩම් වහාම අත්පත් කර ගන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ  මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කර ඇත. 

මෙම තොරතුරු අනාවරණය වූයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එම කොමිසමේ ප්‍රධානීන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව දැනට නිදහස්ව පවතින්නේ ඉඩම් අක්කර 7000ක් පමණක් බව එහි නිලධාරීන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන් අතර ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කොමිසමට උපදෙස් දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න