රජයෙන් සමෘද්ධියට කෝටි 4000ක පොල්ලක්

රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබා ගෙන ඇති රුපියල් කෝටි 4765ක මුදලක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම රජය විසින් පැහැර හරිනු ලැබ ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004…
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබා ගෙන ඇති රුපියල් කෝටි 4765ක මුදලක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම රජය විසින් පැහැර හරිනු ලැබ ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබා ගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවක සඳහන් වේ.
සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇති කර ගත් අරමුදල් සහ අනිවාර්ය ඉතුරුම්වලින් රජය මෙම මුදල ලබා ගෙන ඇතැයි ද පැවසෙයි.
මේ අතර සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය 2013 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර නවයක කාලපරිච්ඡේදයක දී රුපියල් කෝටි තිස් තුන් දහස් හත්සිය හැට හතරක් වැය කර ඇතැයි ද විගණන නිලධාරීහු පෙන්වා දෙති.