රජයට යාවත්කාලීන දත්ත නොමැති නම් ගමට පත්කර ඇති රාජ්ය නිලධාරින් උපයෝගී කර ගෙන යාවත්කාලීන දත්ත එකතු කරන්න
- විපක්ෂ නායක -

අප රටේ ග්රාම සේවා වසම් 14008ක් පමණ ඇති අතර එහි ග්රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ හා ආර්ථික සංවර්ධන නිලධාරීන් ආදී තනතුරු 4ක් පමණ ඇති බවත් මේ නිලධාරින් උපයෝගී කර ගෙන පුහුණු කර දත්ත යාවත්කාලීන කළ හැකි බවත් රාජ්ය සේවයේ සිටින ප්රමාණය උපයෝගී කර ගෙන කෙටිකාලීන ව දත්ත යාවත්කාලීන කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් COPF කමිටුව අමතමිනි.
පළාත් මට්ටමින් GDP ගණනය අවසාන වශයෙන් කර ඇත්තේ 2024 නිසා වාර්ෂික ව දළ දේශීය නිෂ්පාදනය ගණනය වී ප්රකාශයට පත් වන්නේ නම් පළාත් දත්ත ඉදිරිපත් කිරීමේ දී වසර දෙකක ගැප් එකක් එන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ ගැප් එක නැතිව නිවැරදි ව මේ දත්ත යාවත්කාලීන වන්නේ නම් දළ දේශීය නිෂ්පාදනයට අඩු දායකත්වයක් ලබා දෙන ප්රදේශ ඉලක්ක කර වැඩසටහන් ක්රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මහබැංකුව පසුගියදා ඉදිරිපත් කළ සමාජ ආර්ථික දත්ත වාර්තාවේ පවා යාවත්කාලීන දත්ත නොමැති බවත් මෙය 49 වැනි වෙළුම නම් මීට පෙර වෙළුම් 48ක් තිබිය යුතු වුවත් මහබැංකුවේ වෙබ් අඩවියේ ඇත්තේ 2007-2026 දක්වා වෙළුම් පමණක් බවත් මුල් වෙළුම් ටික ලබා ගත හැකිද කියා දැන ගැනීමට හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
2016 HIAS සමීක්ෂණ තුළ මෙය වසර 5කට වරක් ක්රියාත්මක වන නමුත් වේගයෙන් වෙනස් වන සමාජ ආර්ථික දත්ත පදනම් කර ගෙන වසර තුනෙන් තුන කළ යුතු බව ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවම සඳහන් කරන බවත් රජය 2019 සමීක්ෂණ දත්ත පදනම් කර ගෙන අනුමත දිගුවක් පදනම් කර ගෙන දරිද්රතා රේඛාවක් හදන බවත් 2012න් පසු ජන සංගණනයක් සිදුව නැති බවත් 2019 පාස්කු ප්රහාරය 2020 සිට කොරෝනා 2022 බංකොලොත් වීමත් 2025 දිට්වා හා මැදපෙරදිග යුද්ධය ආදි සිදුවීම් වුවත් තවමත් සංගණනයක් කර නොමැති බවත් 2025 කළ සංගණනයේ පවා දත්ත ඉදිරිපත් කර නොමැති බවත් යාවත්කාලීන දත්ත නැතිව අස්වැසුම ක්රියාත්මක කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙවැනි ගැටුම් රැසක් මැද වැඩි වැඩියෙන් සමීක්ෂණ හා සංගණන සිදුවීමෙන් යාවත්කාලීන දත්ත මත පදනම්ව ව්යාපෘති ක්රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
තවද අස්වැසුම ප්රතිලාභය මීට වඩා යාවත්කාලීන සත්යවාදී දත්ත මත පදනම්ව ක්රියාත්මක විය යුතු බවත් සුබසාධන ප්රතිලාභ මණ්ඩලය වෙන ම සමීක්ෂණයක් කර ඇති බව වාර්තා වුවත් විද්යාත්මක සමීක්ෂණයක් කළ යුත්තේ ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම දරිද්රතා රේඛාව ගණනය කිරීමේ දී එක් පුද්ගලයකට මාසයක් ජීවත් වෙන්න වැයවන සාමාන්ය වන රු. 17719 කෙතරම් දුරට සත්යවාදී ද කියා ගැටලුවක් ඇති බවත් මේ මුදලින් ජීවත් වෙන්න පුලුවන්ද කියා ගැටලුවක් ඇති බවත් මෙයට හේතුව 2012 සංගණනයේ දත්ත අදටත් යොදා ගැනීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.