රංජිත් මද්දුමබණ්ඩාරත් තීරණයක් ගන්න යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සාගල-“පැන්ෂන් විකී” අගමැතිගේ නම විකුණා පොලීසියට ඇඟිලි ගහලා..! (සුමුදු පෙරේරා) නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා හෙට අනිද්දාම දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානමින් සිටින…
සාගල-“පැන්ෂන් විකී” අගමැතිගේ නම විකුණා පොලීසියට ඇඟිලි ගහලා..!
(සුමුදු පෙරේරා)
නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා හෙට අනිද්දාම දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානමින් සිටින බව ඔහුට සමීප ඔහුගේ පවුලේ ආරංචි මාර්ග “lankanewsweek” සමග පැවසීය.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ තරුණ කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක සහ අරලිය ගහ මන්දිර සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ යන මහත්වරුන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ වැඩ කටයුතුවලට අනවශ්‍ය මැදිහත්වීම් සහ අත පෙවීම් සිදු කිරීමය.
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය පවුලේ තමාට සමීප හිතවතුන් පිරිසක් සමග සඳහන් කර තිබෙන්නේ සාගල රත්නායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා යැයි කියා පොලිස්පතිවරයා ඇතුළු පොලසියේ ඉහළ නිලධාරීන්ට කතා කර විවිධ නියෝග සහ උපදෙස් ලබා දෙන බවය.
මේ තත්ත්වය හමුවේ නීතිය සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශපාලන වශයෙන් කලකිරීමට පත්ව සිටින බව ඔහුට සමීප පුද්ගලයකු “lankanewsweek” සමග පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ යම් ඉහළ නිලධාරියකුට නියෝගයක් හෝ උපදෙසක් ලබාදීමට තිබෙනවා නම් විෂය භාර අමාත්‍යවරයා ලෙස ඒ බව තමාට නොකියන්නේ මන්ද යන ප්‍රශ්නය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මතු කරමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1