රංජිත් මද්දුමබණ්ඩාරත් අගමැති සිහිනයෙන් මිදෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

පෞද්ගලික නාලිකා අයිතිකරුගේ සිහින බොඳ වෙයි..! උලපනේ සුමංගල හිස් අතින් වැඩම කරයි..! (රංජිත් රණසිංහ) අග්‍රාමාත්‍ය ධූරය සඳහා නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ශ්‍රී ලංකා…
පෞද්ගලික නාලිකා අයිතිකරුගේ සිහින බොඳ වෙයි..!
උලපනේ සුමංගල හිස් අතින් වැඩම කරයි..!
(රංජිත් රණසිංහ)
අග්‍රාමාත්‍ය ධූරය සඳහා නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් මීට දින ගණනාවකට පෙර කර තිබූ යෝජනාව ඔහු ද ඊයේ (30 ) රාත්‍රියේ ප්‍රතික්ෂේප කර තිබේ.
නිතිය සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ උලපනේ සුමංගල හිමියන් ප්‍රධාන දුෂණ විරෝධී පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹ දී ඊයේ (30) රාත්‍රියේ මේ කාරණය සම්බන්ධෙයෙන් පැවැත්වූ විශේෂ සහ රහස් සාකච්ඡාවේදිය.
මේ අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාද එක්ව ඇති අතර මේ පිළිබඳ තොරතුරු ඒ මොහොත වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තා වි තිබිණ.
විශ්වාස භංග යෝජනාව පදනම් කර ගෙන ඉදිරිපත්ව තිබෙන මේ යෝජනාවට අනුව තමා අගමැති ධූරය භාර ගන්නවා නම් එසේ කළ හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනුමැතිය ඇතිව බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහිදී පෙන්වා දී තිබේ.
අගමැතිකම භාර ගන්නා ලෙසට රංජිත් මද්දුමබණ්ඩාර මහතාට,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් මීට දින ගණනාවකට පෙර යෝජනා කරනු ලැබුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත මුලින්ම ඒ සම්බන්ධයෙන් කළ යෝජනාව ඔහු ද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
කතානායක කරු ජයසුරිය මහතා වෙත එම යෝජනාව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා රැගෙන යද්දී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත එම යෝජනාව රැගෙන පැමිණ ඇත්තේ උලපනේ සුමංගල හිමියන් ඇතුළු දුෂණ විරෝධී පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.
උලපනේ සුමංගල හිමියන් ප්‍රධාන දුෂණ විරෝධී පෙරමුණේ මේ ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්තරා පෞද්ගලික රුපවාහිනී මාධ්‍ය ජාලයක අයිතිකරුගේ අවශ්‍යතාවය වෙනුවෙන් වන අතර රංජිත් මද්දුමබණ්ඩාර මහතා අගමැති කරවීමට තිරය පිටු පස සිටිමින් විශාල භූමිකාවක් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය බව බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් 2020 වන තුරු එකට එක්ව යහ පාලන ආණ්ඩුව ඉදිරියටම ගෙන යන්න එකඟ වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමගි වීමත් සමග ජනාධිපතිවරයා නොමඟ යවමින් අගමැති වීමට සියලු දෙනා දැකපු අගමැති සිහින බොඳවී ගොස් ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2