රංජන්ට හෙට නිදහස ලැබෙනු ඇතැයි සජිත් විශ්වාස කරයි

සිරකරුවන්ගේ ජාතික දිනය හෙටයි සිරකරුවන්ගේ ජාතික දිනය යෙදී තිබෙන හෙට (12) දවසේ දී ප්‍රවීන සිනමා නළු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත්…
සිරකරුවන්ගේ ජාතික දිනය හෙටයි
සිරකරුවන්ගේ ජාතික දිනය යෙදී තිබෙන හෙට (12) දවසේ දී ප්‍රවීන සිනමා නළු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය පළ කර සිටියි.
සිය නිල "facebook" පිටුවේ සටහනක් තබමින් මේ බව කියා සිටින විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටින්නේ, මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වෙතැයි තමා අපේක්ෂා කරන බවය.
වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර ගත කර සිටින රංජන් රාමනායකමහතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා දෙකකදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබූ අතර ඔහු පළ කර තිබෙන නිල "facebook" සටහන මෙසේය.
