අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්‍රිකා ගෝඨාගෙන් ඉල්ලයි

රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්‍රිකා ගෝඨාගෙන් ඉල්ලයි

බරපතළ නොවන චෝදනාවකට රංජන් දුක් විඳීම අවාසනාවන්ත තත්ත්වයක් රංජන් පොදු ජන හිතවතෙක් (සමිත් ඉසුරංග) ප්‍රවීන කලාකරු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක…

බරපතළ නොවන චෝදනාවකට රංජන් දුක් විඳීම අවාසනාවන්ත තත්ත්වයක් 

රංජන් පොදු ජන හිතවතෙක් 

රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්‍රිකා ගෝඨාගෙන් ඉල්ලයි

(සමිත් ඉසුරංග)  

ප්‍රවීන කලාකරු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

බරපතළ අපරාධමය වැරදි වෙනුවෙන් අධිකරණය මගින් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලබා දුන් පුද්ගලයින් කිහිප දෙනෙකුම ජනාධිපති සමාව යටතේ මේ වන විටත් නිදහස ලබා සිටින තත්ත්වය හමුවේ, ඒ තරම් බරපතළ නොවන චෝදනාවකට රංජන් රාමනායක මහතා සිර අඩස්සියේ මෙලෙස දුක් විඳීම අතිශය අවාසනාවන්ත සහ කණගාටුදායක තත්ත්වයක් වන බව ද එම ලිපියේ සඳහන් වේ.

දැන්වීම

ඒ අනුව මේ වන විට මාස අටකට ආසන්න කාලයක් මුළුල්ලේ සිර ගතව දුක් පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කාරුණික වන වන ලෙස හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ. 

රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්‍රිකා ගෝඨාගෙන් ඉල්ලයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්‍රිකා ගෝඨාගෙන් ඉල්ලයි | Lanka Newsweek